Tuesday, April 23, 2024

ලොකු අක්කට තමයි ගොඩක් දෙනෙක් ආදරේ, මට කවුරුත් කැමති නැහැ

ප්‍රියසාද් පවුල කියලා කිවුවාම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ කවුරුත් ආදරය කරන ප්‍රියසාද් පවුලේ ඉන්න දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, ගායිකාවක්, නිවේදිකාවක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහටත් ශනුද්‍රි ප්‍රියසාද් හදුන්වලා දෙන්න පුළුවන්. මේ දිනවල කාළඹ ඉතාලිය, තාදී, දිවිතුරා ගමනේ යා ටෙලි නාට්‍ය තුලින් අපට ඇයව දකින්න ලැබෙනවා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මම මෙගා වැඩවලින් ටිකක් ඈත් වුණා. මට ආරාධනා ලැබුණට පස්සේ මම හිතුවා වෙනසකට හොඳයි කියලා. හැමදාම මාව එක ටෙලිනාට්‍යයකින් දැකලා මිනිසුන්ට එපා වෙනවාට වඩා හොඳයි මතකයේ හිටින නාට්‍යයකට දායක වෙනව කියන අදහසේත් හිටියා. එහෙමයි කියලා මෙගා වැඩ භාර නොගෙන ඉන්නේ නැහැ. බොහෝ වෙලාවට මාව හිරු නාළිකාවේ මෙගා වැඩකින් ඉදිරියේදී දැක ගන්න ලැබේවි.

මම වැඩක් බාර ගන්නකොට අක්කලා දෙන්නා, අම්මා, තාත්තා කියන හැමෝටම මම කියනවා ඒ ගොල්ලන්ට මම මගේ හැමදේම කියනවා. ටෙලිනාට්‍ය ගැන ගොඩක් වෙලාවට අහන්නේ අක්කාගෙන්. තාත්තාගෙන් චිත්‍රපට ගැන විමසනවා. මමයි අක්කලා දෙන්නයි ගත්තොත් ලොකු අක්කාට තමයි ගොඩක් දෙනෙක් ආදරේ කරන්නේ. තුන් දෙනාටම කැමැතියි. සමහර වෙලාවට මට ආස නැහැ. ලොකු අක්කාට ආසයි. මට ආස නැහැ අක්කලා දෙන්නට ආසයි. මට නම් ඒ ගැන හිතාගන්න බැහැ. මට අක්කලා දෙන්නාගෙන්ම එක විදිහට උදව් ලැබෙනවා. අපි තුන්දෙනා හරි එකමුතුයි අපි තුන් දෙනාට අපි තුන්දෙනා ඉන්නවා. ක්ෂේත්‍රය ගැන කියා දෙන්නේ ලොකු අක්කා. අධ්‍යාපන වැඩවලට උදව් කරන්නේ පොඩි අක්කා. මේ දවස් වල මට රසික ප්‍රතිචාර වගේම ආදර යෝජනාත් ගලාගෙන එනවා. සමහර වෙලාවට මට ගෙදරට කෝල් පවා එනවා ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් හරහාත් ආදර යෝජනා ගලාගෙන එනවා. ඕනෑම ප්‍රසිද්ධ චරිතයකට රසිකයෝ ආදරෙයි කියලා කියනවා. ඒක මට විතරක් අදාළ කාරණාවක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles