Saturday, April 20, 2024

ලොතරැයියෙන් දිනූ කෝටි ගණනම ගමට දුන් අරුම පුදුම මිනිසා

ඩුබායිහි සේවය කරමින් සිටියදී අබුඩාබි බිග් ටිකට් නම්වූ ලොතරැයියෙන් ජයග්‍රහණය කරන ලද රුපියල් කෝටි ගණනක මුළු ත්‍යාග මුදලම තමා උගත් ප්‍රදේශයේ පාසල්වල සංවර්ධනයට ලබාදීමට එම ජයග්‍රාහකයා තීරණය කර තිබේ. ඔහු බේරුවල මරක්කලහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් මිෂ්ෆාත්ය.

ඒ අනුව ඔහු බේරුවල චීනකොටුව අල් හුමෙයිසරා ජාතික පාසලේ ගුරු නිවාසයක් ඉදිකිරීමටද, බේරුවල චීනකොටුව නලීම් හජ්ජියාර් කාන්තා ජාතික පාසලේ ක්‍රීඩා පිටිය සංවර්ධනය සඳහා ඉඩමක් මිලදී ගැනීම සඳහාත්,මග්ගොන අල් හස්නියා මහා විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත තෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් ආදී වශයෙන් එම මුදල් පරිත්‍යාග කිරීමට මොහොමඩ් මහතා තීරණය කොට තිබේ. එයට අදාළ පොරොන්දු ලිපි ලේඛන අදාළ පාසල් සංවර්ධන සමිතිවල නිලධාරීන්ට භාරදීමද සිදු කෙරිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles