Friday, April 19, 2024

ලොව අසමසම පාපන්දු සූරයා දිවියෙන් සමුගනී…

ලොව විශිෂ්ඨතම බ්‍රසීල පා පන්දු සුපිරි තරුව පේලේ, දිවි ගමන නිමා කළේය. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

පේලේ උදර පිළිකාවකින් පීඩා විඳි අයෙකි. පසුගිය දිනවල වෛද්‍යවරුන් දිගින් දිගටම කියා සිටියේ පේලේගේ තත්ත්වය බරපතල බවත් ඔහුගේ වකගඩු අක්‍රිය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.

අවසන් දින කීපයේ පේලේගේ පවුලේ සාමාජිකයන් රෝහලට පැමිණ පේලේ අසල සිටි බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබුණි.

පේලේ ස්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය නොවැම්බර් 29 වැනිදා, මෙවර 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුරේය.

පාපන්දු තරග 1,363 කට සහභාගී වී ඇති පේලේ රැස් කළ ගෝල ගණන 1,281 ක්. එය ලෝක වාර්තාවක්.⚽️ එයින් බ්‍රසීලය වෙනුවෙන් තරග 92 කට ක්‍රීඩා කළ පේලේ ගෝල 77 ක් රැස් කර ගෙන තියෙනවා.🔅“එඩ්සන් අරාන්ටෙස් ඩො නසිමෙන්ටෝ” (Edson Arantes do Nascimento) නමින් 1940 ඔක්තෝම්බර් 23 දින උපත ලැබූ පේලේ පාපන්දු ලෝකයට ඇතුළත් වෙන්නේ අවුරුදු 15 දී.⚽️

ඒ 1956 දී Santos FC කණ්ඩායමේ සාමාජිකයෙක් වෙමින්. එහිදී පෙන්වන සුපිරි දක්ෂතා නිසාම මාස 10 කට පසුව ඔහුට බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායමෙන් කැඳවීමක් ලැබෙනවා.එහි ප්‍රතිඵලයක් විදියට 1958 පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න පේලේ ට හැකියාව ලැබෙනවා.පාපන්දු ලෝකය උඩු යටිකුරු කරමින් සුපිරි දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරන්න පේලේට හැකි වෙනවා.

🔅 අර්ධ අවසන් පූර්ව තරගයේදී වේල්සයට එරෙහිව ගෝල 1 කුත්,අවසන් පූර්ව තරගයේදී ප්‍රංශයට එරෙහිව ගෝල 3 කුත්,අවසන් තරගයේදී ස්වීඩනයට එරෙහිව ගෝල 2 කුත් රැස් කිරීමට 17 හැවිරිදි පේලේ සමත් වෙනවා.

🏆 බ්‍රසීලය 1958 පාපන්දු ලෝක කුසලානය දිනා ගනිද්දී පේලේ “දක්ෂතම යොවුන් ක්‍රීඩකයා”ට හිමි සම්මානය දිනා ගන්නවා.

🔅 ඒ විතරක් නෙමෙයි,🏅 පාපන්දු ලෝක කුසලානයක අවසන් තරගයට සහභාගී වූ ලාබාලම ක්‍රීඩකයා,🏅 පාපන්දු ලෝක කුසලානයක අවසන් තරගයක ගෝල රැස් කළ ලාබාලම ක්‍රීඩකයා,🏅 පාපන්දු ලෝක කුසලානයක් දිනූ ලාබාලම ක්‍රීඩකයා,කියන වාර්තා 3 ත් තමන් සතු කරගන්න පේලේට හැකි වුණා.

🔅 එයින් ඇති වූ ජනප්‍රියතාවයත් එක්ක ලෝකයේ තියෙන අතිශය ජනප්‍රිය පාපන්දු ක්ලබ් ගණනාවක් පේලේව තමන් සතු කරගන්න මහන්සි වුණත්, එයට ඉඩ ලබා නොදීමට Santos FC කළමනාකාරීත්වය වග බලා ගත්තා.

🔅 අන්තිමේදී ඇති වන ප්‍රශ්න විසඳා ගැනීමේ අරමුණින් 1961 දී බ්‍රසීල ජනාධිපති Janio Quadros විසින් පේලේ ව “ජාතික වස්තුවක්” හැටියට ප්‍රකාශයට පත් කළා.එයින් පේලේව වෙන රටක ක්ලබ් එකකට යාමේ ඉඩ ඇහිරී ගියා.

🔅 1962 පාපන්දු ලෝක කුසලානයේදී පේලේට ලොකු දක්ෂතාවයක් පෙන්වන්න වුණේ නෑ.ඒ ඔහු පළමු වටයේ තරගයකදී ආබාධයකට ලක් වීමෙන්.🏆 මෙම ලෝක කුසලානයත් ජයග්‍රහණය කිරීමට බ්‍රසීලය සමත් වුණා.

🔅 1966 පාපන්දු ලෝක කුසලානය පේලේ ඇතුළු බ්‍රසීල කණ්ඩායමට එතරම් සාර්ථක එකක් වුණේ නෑ. ඔවුන් පළමු වටයෙන්ම ඉවතට විසි වුණා.🏆 1970 දී නැවතත් සුපුරුදු රිද්මයට අවතීර්ණ වුණු බ්‍රසීල කණ්ඩායම තුන්වෙනි වතාවටත් පාපන්දු ලෝක කුසලානය දිනාගත්තා.🏆 මෙහිදී “තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා”ට හිමි වෙන Golden Ball එක දිනාගන්න පේලේ සමත් වුණා.⚽️ පේලේ Santos FC වෙනුවෙන් තරග 659 කට ක්‍රීඩා කරමින් ගෝල 643 ක් රැස් කළා.

🔅 ඒ වෙනකොට පේලේ කොච්චර ජනප්‍රියද කියනවා නම්, 1969 දී නයිජීරියාවේ පැවති Santos FC සහ Stationary Stores FC ප්‍රදර්ශනාත්මක තරගය නැරඹීමට නයිජීරියාවේ සිවිල් යුද්ධය පැය 48 ක සටන් විරාම ගිවිසුමකින් නවත්තන්න පවා කටයුතු කෙරුණා.

🔅 1974 දී Santos FC කණ්ඩායමෙන් ඉවත් වෙන 34 හැවිරිදි පේලේ ඇමරිකාවේ New York Cosmos කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙනවා.වසර 3 කදී ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් එම කණ්ඩායමට ගේන්න පේලේ ට පුලුවන් වෙනවා.⚽️ පේලේ New York Cosmos වෙනුවෙන් තරග 107 කට ක්‍රීඩා කරමින් ගෝල 66 ක් රැස් කළා.

🔅 1977 දී Santos FC සහ New York Cosmos කණ්ඩායම් අතර පැවති ප්‍රදර්ශනාත්මක තරගයකින් අනතුරුව තම පාපන්දු දිවිය නිමා කරන්න පේලේ තීරණය කරනවා. මෙම තරගයේ පළමු අර්ධය New York Cosmos වෙනුවෙනුත්, දෙවන අර්ධය Santos FC වෙනුවෙනුත් පේලේ ක්‍රීඩා කරනවා.🏅 1999 දී International Olympic Committee විසින් “20 වන සියවසේ ක්‍රීඩකයා” ලෙසත්,🏅 Time සඟරාව විසින් “20 වන සියවසේ වැදගත්ම පුද්ගලයන් 100 දෙනා” අතරටත්,🏅 2000 දී IFFHS විසින් “20 වන සියවසේ ක්‍රීඩකයා” ලෙසත්,පේලේ ව නම් කරා.🏆 2014 දී FIFA Ballon d’Or Prix d’Honneur සම්මානය පේලේ ට හිමි වුණා.

🔅 එම වසරේදීම ඇමරිකානු ඩොලර් මිලියන 22 ක වියදමින් Santos නගරයේ ඉදි කෙරුණු “පේලේ කෞතුකාගාරය” ද පේලේ අතින්ම විවෘත වුණා.🔅 පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත්තත් එයින් ලැබුණු ජනප්‍රියතාවය උපයෝගී කරගනිමින් UNESCO, UNICEF, FIFA, IOC, SOS වැනි ආයතන එක්ක එකතු වෙමින් ලෝකය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරා.පාපන්දු ලෝකයේ රජු පේලේ…⚽️👑ඔබට සුභ ගමන්.

– විකුම් හර්ෂණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles