Saturday, April 20, 2024

ලොව හැකර් අධිරාජ්‍යයා ඇමරිකාව බව චීනය හෙළි කරයි

එක්සත් ජනපදයේ හැකර්වරු රුසියාවට සහ බෙලරුසියාවට ප්‍රහාර දියත් කිරීම සඳහා චීනයේ ජාලයක් යටපත් කළ බවට වාර්තා වීමෙනු පසුව, එක්සත් ජනපදය ලෝකයේ “හැකිං අධිරාජ්‍යයක්” ලෙස හඳුන්වමින්, ද්වේෂසහගත සයිබර් ක්‍රියාකාරකම් නතර කරන ලෙස චීන විදේශ අමාත්‍යාංශය වොෂිංටනයෙන් ඉල්ලා සිටියේය.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාඕ ලිජියන් සඳුදා පැවති මාධ්‍ය හමුවකදී මෙම අනාවරණය සිදුකළේය.

ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයෙන් පමණක් නොව නේටෝ මිත්‍ර රටවල් වන ජර්මනියේ සහ නෙදර්ලන්තයේ හැකර්වරුද මෑතකදී සයිබර් ප්‍රහාර සඳහා චීන පරිගණක ජාලයක් පැහැරගත් අතර එයින් 87%ක්ම රුසියාව ඉලක්ක කරගත් බවට වූ මෑතකාලීන චීන මාධ්‍ය වාර්තා පිළිබඳව ෂාඕ අදහස් දක්වා සිටියේය.

“යුක්රේන තත්ත්වයේ පසුබිමට එරෙහිව, එවැනි පියවරක් ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීමෙන් සහ වැරදි තොරතුරු පතුරුවා හැරීමෙන් සෘණාත්මක බලපෑමක් ඇති කළ හැකියි. මොකද මීට බොහෝ කලකට පෙර රුසියාවට සයිබර් ප්‍රහාර දියත් කරන ලෙස හිටපු එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රසිද්ධියේම අපෙන් ඉල්ලා සිටියා.” ෂාඕ සඳහන් කළේය.

හැකර් ප්‍රහාරයේදී එක්සත් ජනපද රජයේ නිශ්චිත භූමිකාව බීජිං නොදන්නා නමුත්, සයිබර් අවකාශයේ චීනයට මඩ ගැසීමේ දීර්ඝ කාලීන භාවිතය සමග එක්සත් ජනපදය විසින් මේ ක්‍රියාව සිදුකරන්නේ නම්, වඩාත් වගකීම්සහගත ආකල්පයක් අනුගමනය කරන ලෙස ෂාඕ වොෂිංටනයට ඉල්ලා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles