Saturday, April 20, 2024

ලෝකයේ බිලියන 2.9 කට අන්තර්ජාල පහසුකම් නෑ – එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය අඟහරුවාදා නිකුත් කළ වාර්තාවකට අනුව 2021 වර්ෂය වන විට සමස්ත ලෝක ජනගහනයෙන් 37% ක්, එනම් බිලියන 2.9 ක ජනතාවකට තවමත් අන්තර්ජාලය සඳහා පහසුකම නොමැති බව අනාවරණය වී තිබෙනවා.

2021 වසර වන විට බිලියන 4.9 ක ජනතාවක් අන්තර්ජාලය භාවිතා කරන බව මෙම නවතම අධ්‍යයනය විසින් හඳුනාගෙන තිබෙන අතර එය 2019 දී පැවතුනේ බිලියන 4.1 ක අගයකයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය වන “ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය” (ITU) විසින් මෙම නවතම අනාවරණය සිදු කරනු ලැබුවා.

මෙලෙස අන්තර්ජාලය පහසුකම අහිමි වී ඇති බිලියන 2.9 ක ජනගහනයෙන් 96% ක් ම තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව බව ITU ආයතනය පෙන්වා දෙන අතර, අන්තර්ජාල පහසුකම් ඇති බිලියන 4.9 ක් වූ ජනගහනයෙන් බහුතරයකට පවා ඒ සඳහා ඇත්තේ සීමිත ප්‍රවේශයක් බව වැඩිදුරටත් සඳහන් කරනවා.

ඒ වගේම ජනගහනයෙන් වයස අවුරුදු 15_24 අතර පසුවන්නන්ගෙන් 71% ක් අන්තර්ජාලය භාවිතා කරන බවත් අනෙක් සියලුම වසස් මට්ටම් වල අයගෙන් 57% ක් පමණක් අන්තර්ජාලය භාවිතා කරනවා.

එමෙන්ම ලෝක කාන්තා ජනගහනයෙන් 57% ක් පමණක් අන්තර්ජාල පහසුකම් ලබාගනිද්දී ලෝක පිරිමි ජනගහනයෙන් 62% ක් පමණ අන්තර්ජාලය භාවිතා කරන බව මෙම වාර්තාවෙන් හෙළි කර තිබෙනවා.

විශේෂයෙන්ම අප්‍රිකානු කලාපය තුළ ජීවත්වන ජනතාවගෙන් 30% කට පමණ කුමන ආකාරයක හෝ අන්තර්ජාලය ප්‍රවේශයක් නොමැති බව මෙම ITU වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ITU හි ප්‍රධාන ලේකම් Houlin Zhao මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ සමස්ත ජනගහනයෙන් ⅔ ක ට පමණ මේ වෙන විට අන්තර්ජාල ආවරණය තිබුණත්, මෙම අගය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා තවත් බොහෝ දේ සිදු කිරීමට තිබෙන බවයි.

Technews.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles