Friday, March 29, 2024

මහකන්නයේ වගාවන්ට අවශ්‍ය කෘෂි රසායනික හා ශාක පෝෂක යළි මෙරටට ගෙන්වීමට අවසර දෙන බව කෘෂිකර්ම ලේකම් පවසයි

මහකන්නයේ බෝග වගාවන් සඳහා අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනයට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසයි.

මෙම අවසරය ලබාදී ඇත්තේ කෘෂි විද්‍යාඥයින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කළ කෘෂි මාර්ගගත සැලැස්මට අනුවයි.

මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙරටට අවශ්‍ය සියලු ගුණාත්මක බවින් යුත්, නිර්දේශිත පොහොර ආනයනය කර, කඩිනමින් ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත් අවශ්‍ය පසුබිම් සකස් කරමින් ඇති බවත් යූරියා ඇතුළු හඳුනා ගත් ශාක පෝෂක දැනටමත් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ඇනවුම් සිදු කර අවසන් බවත් සම්බන්ධයෙන් අදාළ වාර්තාව රජයට භාරදුන් බවත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

“මේ මහ කන්නයේ තමයි වැඩියෙන්ම ගොවිතැන් කටයුතුවල නිරත වන්නේ. වී වගාව, විශේෂයෙන්ම බඩඉගුරු වගාව එලවළු වගාව සහ අපේ වැවිලි කර්මාන්තය වන තේ පොල්, රබර් සියල්ල. මේවාගේ නිර්දේශිත උපරිම වගා ප්‍රමාණය ලබා ගෙන ආහාර සුරක්ෂිතබාවය ලබා ගැනීම තමයි අපේ පළවෙනි පියවර. ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියේ අනුගත වෙලා සිටිනවා. ඇත්ත වශයෙන්ම මොකටද අපි පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයක් සඳහා යොමු වන්න. පරිසර හිතකාමි කියන්නේ විෂදායක නොවන ඉහළ ප්‍රමිතියකින් යුත් නිර්දේශිත ශාක පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදමින් පැළයට ශාක පෝෂණය සහ ආරක්ෂාව යොදමින් ජලය ද වාතය ද ඉතුරු පරිසර පද්ධතියට හානියක් නොවෙමින් කෘෂි කර්මාන්තය රැක ගැනීම. මේ සඳහා අවශ්‍ය කරන නිර්දේශීත නියමිත ප්‍රමාණයන් කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂවරයාගේ සහ කමිටු අධීක්ෂණය යටතේ කුමක් ද අවශ්‍ය කියලා නිගමනය කරලා ඒ ප්‍රමාණ වලින් අපිට රජය විසින් බලතල දීලා තියෙනවා අවශ්‍ය ප්‍රමාණයෙන් මේකට විද්‍යාත්මකව කටයුතු කරන්න කියලා. පොහොර සහ කෘෂි රසායනික වශයෙන් කුමක්ද ගෙන්නන්නේ කියලා රසායනික ඒ ක්‍රියාවලිය පිළිබඳව කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි නිර්දේශ කරන්නේ කමිටුවක් හරහා. විශේෂයෙන්ම අපි අවුරුදු 3-4ක මේවා ගෙන්නලා තියෙනවා ඒ ගෙන්නපු ඒවාගෙන් ඉහළ පරම්පරාවට අයිති නිර්දේශිත ඒවා පමණයි ගෙන්නන්නේ” යනුවෙන් ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles