Thursday, April 25, 2024

වජිර එළවළු අරගෙන සිරිකොතට එයි

ලෙඩෙකුට සුප් එකක් හදාගෙන බොන්න බැරි තත්වයකට වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය වලපල්ලට ඇද දමා ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (12)පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායකයා කියූ පරිදි මේ මොහොතේ දී ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට නොගියොත් එහි වන්දි ගෙවන්නට  සිදු වන්නේ අනාගත උපනූපන් පරපුරට බවද එජාප සභාපතිවරයා සඳහන් කළේය .

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවට වජිර අබේවර්ධන මහතා එළවළු මල්ලක්ද රැගෙන පැමිණියේය.

තමා ගෙනා එළවළු ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය හමුව ඇමතූ වජිර අබේවර්ධන මහතා මෙි තත්ත්වයෙන් ජනතාව  මුදාගෙන රටේ ආර්ථිකය යහපත් තත්ත්වයකට ගෙන ඒමට නම් නොපමාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බව කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles