Saturday, April 20, 2024

වතු කම්කරු දෛනික වැටුප රු. 1,000ක් කිරීමට කැබිනට් අනුමැතිය

වතු කම්කරුවන්ගේ අවම  දෛනික වැටුප රුපියල්  දහසක් කිරීම පඩි පාලක සභා හරහා  ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේය. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය මේ තීන්දුවට එළඹ තිබේ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම වත්මන් ආණ්ඩුවේ පොරොන්දුවක් බැවින් එය වහාම ඉටු කළ යුතු බව ඇමැතිවරුන් පෙන්වා දුන් අතර ජනාධිපතිවරයා ද ඊට එකගතාවපළ කර තිබේ. වතු ක්ෂේත්‍රයේ සාමූහික ගිවිසුම් නිසා අවම වැටුප රුපියල් දහසක් කිරීමේ ගැටලුවක් පවතින අතර සේව්‍ය පක්ෂය අකැමැති නම් පඩි පාලක සභා හරහා එම් තීන්දුව ක්‍රියාත්මක කළ හැකි බව එම පත්‍රිකාවෙන් කරුණු දක්වා තිබේ.

මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබාදීමට සතියක කාලයක් ඉල්ලා ඇති බව මෙහිදී දැනගත් පසු ජනාධිපතිවරයා මේ කැබිනට් මණ්ඩලයේදීම එය අනුමත කළ යුතු බව පවසා තිබේ. ඒ අනුව පඩි පාලක සභා හරහා හෝ වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් කිරීමේ තීන්දුවට කැබිනට් මණ්ඩලය එකග වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles