Thursday, April 25, 2024

වල් බිහිවූ මහගෙදර අලුත්වැඩියාවට ආ අජන්ත….!

අජන්ත ITN ‘රොක්’ කරයිද???

වර්තමානයේ ජනතාවගේ යම් අප්‍රසාදයට පාත්‍රව තිබුණද පුරා දශක හතරකටත් වැඩි කලක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාගේ හද බැඳගත් ජාතියේ රූපවාහිනී මහගෙදර වූ ස්වාධීන රූපවාහිනී ජාලයේ අභිනව ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ප්‍රවීන සාහිත්‍යවේදී, වරලත් ඉංජිනේරු අජන්න සෙනෙවිරන්න මහතා පත්කර ඇති බව වාර්තා විය.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් මූලික ඉංජිනේරු උපාධියත්, ජ’පුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධියත් ලබා ඇති මෙතුමා ඩිජිටල් යුගයේ සාහිත්‍යවේදියකු සහ නිර්මාණකරුවෙකු ලෙස ශ්‍රී ලාංකේය මාධ්‍යකරණයේ ඉමහත් කීර්තියට පත් පුද්ගලයෙකි.

පුවත්පත් ලේඛනය ඔස්සේ සාහිත්‍යකරණයට එළැඹි මෙතුමා නවකතා නවයක්, කෙටිකතා තුනක්, කාව්‍ය සංග්‍රහ දෙකක් බෞද්ධ විමර්ශන ග්‍රන්ථයක්, අලෙවිකරණ කෘතියක් ඇතුලුව මේවනවිට කෘති දහනවයක් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කොට ඇත. ලෝක ප්‍රසිද්ධ Who Moved My Cheese කෘතිය “දිවි මග දිනන මග” නමින් සිංහලයට පරිවර්තනය කළේද ඔහු විසිනි.

හෙළ සාහිත්‍ය කෙත පෝෂණය කරන සාහිත්‍යවේදීයකු මෙන්ම රූපවාහිනී ක්ෂේත්‍රයට නව මානයන් හඳුන්වා දෙන නිර්මාණවේදියෙකු ලෙස ප්‍රකට මෙතුමා මීට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද, ශ්‍රිලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන අලෙවි නිලධාරියා ලෙසද කටයුතු කර තිබේ. ස්පීඩ් අප් පාපැදි සවාරිය, හෙළවුඩ් අපේ සිනමාව, 01 ඩිජිටල් සම්මාන, ඊ ස්පෝර්ට්ස් වැනි නැවුම් හඳුන්වාදීම් ඔස්සේ අලෙවිකරණ විශේෂඥයෙකු ලෙසද මෙතුමා ඉහට නමක් දිනාගෙන සිටී. නව්‍ය අලෙවිකරණ ක්‍රියාදාමයන් ඔස්සේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමූහය හිනිපෙත්තටම  ඔසවා තැබීමට මෙතුමා ක්‍රියා කළේය.

රූපවාහිනි සහ ඩිජිටල් මාධ්‍ය තුළ ඉමහත් පෙරළියක් කරමින් චරණ ටීවී නාලිකාව බිහි වූයේද එතුමන්ගේ අදහසක් සහ මග පෙන්වීම අනුවය. අපිටම ආවේණික හැඩයකින් ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් කලාව නව මානයකට ගෙන ඒමට මෙතුමා මහත් වෙහෙසක් දරන්නෙකි.

වාණිජ ප්‍රතිලාභ හෝ මුදල් ඉපයීම පමණක් ප්‍රමුඛතාවයේ තබා ගුණාත්මකභාවෙයන් හා ඵලදායීතාවෙන් අඩු  නිර්මාණ ලබාදීම හා  පෞද්ගලික වාසි තකා ප්‍රවෘති නිෂ්පාදනය වැනි හේතු මුල් කොට ගෙන බොහෝ පිරිසක් රූපවාහිනී මාධ්‍ය තුළින් දුරස් වීමට පටන්ගෙන ඇති බව නොරහසකි. අජන්ත සෙනෙවිරත්නයන්ගේ ITN ආගමනය සිදුවන්නේ මෙම ගමන් මග වෙනස් කිරීමට ජනහඬක් මතුව ඇති මොහොතකය.

පුහු රසාස්වාදය පමණක් සීමා වූ වාණිජමය නාලිකාවන් අභියෝගය ලක් කරමින් සහ ඔවුන්ට ආදර්ශයක් වෙමින් බුද්ධිගෝචර, ප්‍රබුද්ධ, කාලීන වැඩසටහන් නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකා නරඹන්නන්ට රස වින්දනයට පමණක් නොව මානසික පරිකල්පන දියුණුවට නව මානයක් උදාකරදීමට මෙතුමා මහත් වෙහෙසක් ගන්නා බව නොරහසකි. එය ජාතික තලයට රැගෙන ඒමට දැන් අවකාශය උදා වී තිබේ.

කවියට උපන් සමතකු වූ මෙතුමා අගනුවර කවි සමාජය වෙතින් කිවිපති සම්මාන බුහුමන් ලැබූවෙකි. එම සම්මානයට පාත්‍ර වූ එකම ශ්‍රීලාංකික ඉංජිනේරුවරයා වන්නේද ඔහුය.

ඉංජිනේරුවකු, සාහිත්‍යධරයකු, කවියෙකු, ගීත රචකයෙකු සහ සමාජ සේවකයෙකු ලෙස මෙන්ම මාධ්‍යවේදියෙකු ලෙස වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය රසවින්දන සමාජය තුළ සිදුකළ මෙහෙවරේ කූඨාප්‍රාප්තිය ලෙස ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනී ජාලයේ අභිනව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වන මෙතුමා ගේ නවමු අදහස් තුළින් ප්‍රේක්ෂක හදවත් තුළ රැඳී දුර්මත ඉවතලා නව නාලිකාවක් ලෙස නව මගක් ඔස්සේ ජනතාව අතර ජනාදරයට පත් ජාතික නාලිකාවක් වනු ඇති බවට අප කාගේත් බලාපොරොත්තුව වේ.

CIA අපේ සුබපැතුම් ඔහුට මෙසේ එක් කරන්නෙමු….

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles