Wednesday, April 24, 2024

වලෙන් ගොඩ එන්න පාර කී එකම පක්ෂය එජාපයයි

මේ අමාරු කාලේ ආර්ථිකය ගොඩගන්න සැලසුමක් රටට ඉදිරිපත් කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් ප්‍රශ්න විසඳාගන්නැයි තමා දිගින් දිගටම පැවසූ නමුත් ආණ්ඩුව ඊට අකමැති නම් කරන්න දෙයක් නැතැයි ද දැන් ඉතිරි තීන්දුව තියෙන්නේ ජනතාවගේ අතේ බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය

යහපාලන ආණ්ඩුව කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගිය නමුත් එකල කිසිදු ජනතා සහනයක් කප්පාදු කරන්නැයි කොන්දේසි නොපැමිණි බව කී වික්‍රමසිංහ මහතා රුපියල් 10,000 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන අතර සෙසු සහන ද ලබාදීමට හැකියාව ලැබුණේ යහපාලන රජය ජාත්‍යන්තර සහාය ද ලබාගෙන හරි දැක්මක් ඇතිව කටයුතු කිරීම නිසා බව අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles