Tuesday, April 23, 2024

වසර 26 ක් සපුරන 1996 ලෝක කුසලාන ක්‍රිකට් විජයග්‍රහණය

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා නාමය ලෝකයේ ඉහළටම ඔසවා තැබූ ඓතිහාසික දිනයේ 26 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා.

ටෙස්ට් ක්‍රිකට් වර්ණ දිනා ගැනීමට පමණක් දෙවැනි වන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය ජයග්‍රහණය වන්නේ 1996 එක්දින ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමයි.

96 වසරේ මාර්තු 17 වැනිදා පකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේදී මාක් ටේලර් ප්‍රමුඛ ප්‍රබල ඔස්ට්‍රේලියානුවන් පරාජයට පත් කරමින් අර්ජුණ රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම එම ඓතිහාසික ජයග්‍රහණය අත්පත් කර ගත්තේය.

1992 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකාව තවත් වසර 04 ක් ඉක්ම යද්දී එක්දින පිටියේ කිරුළු පැළඳීමට සමත් විය. විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන් ඉදිරියට ගිය පළමු ලෝක කුසලාන තරගාවලියද එය වීමයි.

96 තරගාවලියෙන් පසු අවස්ථා දෙකකදී එක්දින ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර අවස්ථා දෙකේදීම අනුශූරතාවයෙන් සෑහීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

එදා ලබාගත් ජයග්‍රහණය අද වඩාත් වැදගත් වන්නේ, මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට තබා ලෝක කුසලාන තරගාවලි සඳහා සුදුසකම් ලබා ගැනීමටද දැඩි සටනක් ලබාදීමට සිදුව ඇති නිසාය.

මෙි අතර 1996 වසරේ පැවැති ලෝක කුසලානයේ අවසන් මහා තරඟය පැවැති පාකිස්තානයේ, ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩා පිටියේ නම වෙනස් කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ප්‍රධානී ‘රමිස් රජා’ තීරණය කර තිබේ.ඒ අනුව, මින් ඉදිරියට එම ක්‍රීඩා පිටිය වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදෙන ඕනෑම පුද්ගලයෙකුට එම ක්‍රීඩා පිටියේ නාමය වෙනස් කිරීමට අයිතිය ලබාදීමට තීරණය වී තිබේ..

හිටපු ලිබියානු ජනාධිපති ‘මුහමිමර් ගඩාෆි’ සිහිවීම පිණිස 1974 වසරේදී පාකිස්ථානයේ එවක අගමැති ‘සුල්ෆිකාර් අලි බූතෝ’ විසින් එම ක්‍රීඩා පිටිය ‘ගඩාෆි ක්‍රීඩාංගනය’ ලෙසින් නම් කරන ලදි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles