Friday, March 29, 2024

වසර 65ක් බලා සිටීමෙන් පසු චාල්ස් අද රජවෙයි!

බ්‍රිතාන්‍යයේ  රජකම වෙනුවෙන් වසර 65ක් බලා සිටි චාල්ස් කුමරු හට තුන්වන චාල්ස් රජු ලෙස ඔටුණු පැලදවීම අද සිදු කෙරෙනවා.

ඒ, වෙස්මින්ස්ටර් ඇබේ දේවාස්ථානයේදීයි.

මෙම රාජාභිෂේක උත්සවය ආරම්භ වන්නේ දහවල් 11.00ටය. මෙය ඓතිහාසික චාරිත්‍රයක් ඉටුකිරීමකි. බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ මෞලි මංගල්‍යයෙන් පසු වසර 70 කට පසු පැවැත්වෙන 02 වැනි මෞලි මංගල්‍යය මෙයයි. යුරෝ මිලියන 280 ක් වැයවේ.

එසේම 29,000ක ආරක්‍ෂක බළකායක් ආරක්‍ෂාව සඳහා යොදවා තිබේ. බ්‍රිතාන්‍ය රාජකීයයන් වූ ඇන්ඩ්රු, එඩ්වඩ්, ඈන් කුමරිය, විලියම් කුමරා ඇතුළු පවුලේ අය සහභාගි වන මෙම උත්සවයට මේගන් කුමරියගේ දරුවන් සම්බන්ධ නොවේ. ඔවුන් ඇමෙරිකාවේ පදිංචිව සිටිති. චාල්ස් – කැමිලා රාජාභිෂේකයට සහභාගි වන රාජ්‍ය නායක නායිකාවන් මෙසේය.

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්, හිටපු අගමැති ලියොන් ට්‍රස් සහ ටෝනි බ්ලෙයාර්, ප්‍රංශ නායක එමානුවෙල් මැක්‍රෝන්, ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්, පෝලන්ත ජනපති ඇන්ඩෲ ඩුටා, ඔස්ටේ්‍රලියානු අගමැති ඇන්තනි අල්වනිස්, පාකිස්තාන් අගමැති ෂබ්තාන් ෂරිය, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පිලිපීන ජනපති ෆර්ඩිනන්ඩ් මාර්කෝෂ්, මොරොක්කෝ රජු ඇල්බට් කුමරා, ස්පාඤ්ඤ හෙලිපේ රජු, ජපානයේ ඔටුන්න හිමි කුමරු අතිහිතෝ, ස්වීඩනයේ කාල් ගුෂ්මාන් රජු, තවත් රටවල් රැසක රාජ්‍ය නායකයන් තමන් සහභාගි වන බව අවසාන මොහොතේ දන්වන බව බ්‍රිතාන්‍ය රජයට දන්වා තිබේ.

බ්‍රිතාන්‍ය රාජකීය උත්සවයට ඇරයුම් කර නැති රවටල් මෙසේය. රුසියාව, බෙලාරූස්, මියන්මාර්, සිරියාව, වෙනිසියුලාව, ඉරානය, උතුරු කොරියාව සහ ඇෆ්ගනිස්ථානය.

ප්‍රකට ගායක ලයනල් රස්, ගායිකා කෙලි පොස්ටර් ඇතුළු ගායක ගායිකාවන් රැසකට ද මෙම උත්සවයට ඇරයුම් කර තිබේ. මෙයට පෙර දෙවැනි එළිසබෙත් රැජිනගේ මෞලි මංගල්‍යයට 8000 ක අමුත්තන් සහභාගි වූහ.

චාල්ස් රජු මෙහිදී යූරෝ මිලියන ගණනක් වටිනා සැන්ට් එඩ්වර්ඩ් ඔටුන්න පලඳිනු ඇත. රනින් හා මුතු මැණික් පුෂ්පරාග සහ නිල් මැණික්වලින් සමන්විත මෙම ඔටුන්නේ වටිනාම හෙළිවී නැත.

මේ අතර චාල්ස් රජු සහ කැමිලා බිසව ආරක්‍ෂා කිරීම සඳහා අධි තාක්‍ෂණික ඩයමන්ඩ් යුද නැව තේම්ස් ගංගාවේ නැංගුරම් ලා තිබේ. ඩ්‍රෝන් යානාවල ප්‍රහාරවලින් චාල්ස් සහ කැමිලා රැකගැනීම සඳහා මෙම යුද නැවේ මොහොතක් තුළ ඩ්‍රෝන් විනාශ කළ හැකි මිසයිල විශේෂයක්ද සවිකර ඇත.

එසේම දිගු දුර අවිකරුවන්, බ්‍රිතාන්‍යයේ එස්. ඒ. එෆ් භටයන්, පුද්ගලයන් හඳුනාගැනීමේ තාක්‍ෂණික රථ, මැරින් භටයන් හා විශේෂ හමුදා බළකාය ඇතුළු හමුදා භට පිරිස්ද ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියද අද පැවැත්වෙන ආරක්‍ෂක වැඩපිළිවෙළට එක්වී සිටිති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles