Friday, March 29, 2024

වැඩිම අසරණයින් කළුතරින්!

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා, සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයේ වන බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 46ක් වන බවයි. පිළිවෙළින් බදුල්ල දිස්ත්‍රික්කයේ 34%ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 32%ක් ද වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීම සිදු කර තිබෙනවා.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විටත් අදියරෙන් අදියර සිදු කරමින් පවතිනවා.

නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අයදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.

මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු ලබන 31 වන දිනෙන් අවසන් වන බැවින් කඩිනමින් තොරතුරු සමීක්ෂණ කටයුතු සිදු කරන නිලධාරීන් වෙත නිවැරදි දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා සියලුම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියා.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා, සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතයි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles