Wednesday, April 24, 2024

වැලිකඩ සිපිරිගෙය විකිණෙයි..

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අජිත් පෙරේරා මහතා පවසන අන්දමට, වැලිකඩ බන්ධනාගාරයේ භූමිය විකිනීමට සූදානම් කර තිබී ඇත. වැලිකඩ බන්ධනාගාරය බොරැල්ලේ සිට හොරණ මිල්ලනියට මාරු කිරීමට යෝජනාව තිබුණි. පසුගිය සතියේ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සම්බන්ධීකරණ කමිටුවේ රැස්වීම අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ, බොරැල්ල බන්ධනාගාරයේ අක්කර 48ට දියුණු කිරීමට හැකියාවක් ඇති බවයි.

රැඳවියන් හොරන, මිල්ලනිය ප්‍රදේශයට මාරු කර යැවෙනු ඇත. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්ද නව බන්ධනාගාරයේ ඇති බව සඳහන් වෙනවා.

වැලිකඩ බන්ධනාගාරය උපරිම ආරක්ෂාව සහිත බන්ධනාගාරයක් වේ. ලංකාවේ විශාලතම සිරගෙවල් පිහිටා ඇත්තේ වැලිකඩ බන්දනාගාරයේයි. 1841 දී එංගලත්තයන් විසින් එය සදා ඇත. ආණ්ඩුව, බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසයේ විශ්ව විද්‍යාල හා කර්මාන්ත කලාපයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දෙන බව අමාත්‍ය පෙරේරා මහතා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles