Wednesday, April 24, 2024

විදුලි අර්බුදය 2026 දක්වාම පවතිවී

වර්තමානයේ මුහුණදෙන විදුලි අර්බුදය 2026 වසර පමණ වන තෙක් පවතිනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේය. 2014 න් පසු රටට අවශ්‍ය බලාගාර ඉදිනොවීම හා විදුලි ඉංජිනේරු සංගමය පසුගිය රජයට ලබා දුන් සැලසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වූ බවද ඒ මහතා සඳහන් කළේය.


2030 වන විට රටේ සමස්ත විදුලිය ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම රජයේ අරමුණ වී තිබේ. එම ඉලක්කයට ළඟාවීමට නම් එවැනි බලාගාර සඳහා වසරකට ටෙන්ඩර් 3ක්වත් කැඳවිය යුතුය. පසුගිය කාලයේ මෙගාවොට් 90ක, 50ක සහ 150ක ටෙන්ඩර් අනුමත වූ අතර මේ වන විට එම බලාගාර ඉදිවෙමින් පවතී. එහෙත් 2020 අගෝස්තු මාසයේ මෙගාවොට් 150ක සූර්ය බලශක්ති විදුලි බලාගාර හා මෙගාවොට් 40ක සුළං විදුලි බලාගාර අලුතින් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද මේ වන තෙක් එයට අනුමැතිය ලැබී නොමැත.

පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් රටේ විදුලිය අවශ්‍යතාව පිරිමැසිය නොහැකි හෙයින් අඩුවියදම් බලාගාර වන එල්එන්ජී හා ගල්අඟුරු බලාගාර ඉදිකිරීම අත්‍යවශ්‍ය වේ. ඒවා ඉදිකිරීමට වසර පහක් දහයක් වැනි කාලයක් ගතවන අතර වර්තමාන රජය ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගතහොත් තවත් වසර කිහිපයක් තුළ මෙම අර්බුදයට විසඳුම් ලබාගත හැකි බවද, දැනට පවතින අර්බුදය කෙටිකාලීන වැඩි වියදම් බලාගාර ඉදිකිරීමෙන් කඩිනමින් විසඳිය හැකි වුවද කළ යුත්තේ අඩු වියදම් බලාගාර ඉදිකිරීම බවද ඒවා ඉදිනොකරන තාක් විදුලි අර්බුදය පවතිනු ඇති බවද කුමාරවඩු මහතා සඳහන් කළේය.

– දේශය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles