Thursday, April 25, 2024

විදුලි බිල 75%කින් වැඩිවෙද්දී බත් පැකැට්ටුවක් 20%කින් බසී!

හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී විදුලිබිල සීයයට 75ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර  සිටියේ ලක්ෂ 48ක් පමණ අඩු විදුලි ඒකකයන් පරිභෝජනය කරනු ලබන නිවාස සඳහා උපරිම සහනයක් ලබාදීමට කටයුතු කරනු ලැබූ බවයි.

ඒ අනුව විදුලි ඒකක 30ක් දක්වා භාවිතා කරන ගෘහස්ත බිලක් සඳහා විදුලිබිල වැඩි කිරීම 264%කින් වැඩි කිරීමටත්, ඒකක 60 දක්වා පරිභෝජනය කරන නිවසක විදුලි බිල සීයයට 200කින් සහ ඒකක 90ක් දක්වා භාවිතා කරන නිවසක විදුලි ගාස්තුව සීයයට 125කින් මිල වැඩි කිරීමට අවසර ලබාදී ඇති බවයි.

2014 වසරේදී අවසන් වරට විදුලිබිල සියයට 25 කින් අඩු කරනු ලැබූ බවත් ඉන් පසුව විදුලි බිල සංශෝධනය නොකිරීම සහ විදුලිය නිෂ්පාදනය කිරීමේදී යොදා ගනු ලබන ගල් අඟුරු, ඩීසල් සහ දැවී තෙල් මිල ගණන් ඉහළ යාම සහ පවතින උද්ධමනය හේතුවෙන් විදුලි බිල ඉහළ දැමීමට සිදුවූ බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.

සංචාරක කේෂ්ත්‍රයට සම්බන්ධ ව්‍යාපාර සඳහා මාස 03ක කාලයක් යන තෙක් විදුලි බිල සියයට 50කින් පමණක් වැඩි කරන අතර සෙසු මිල වැඩි වීම මාස 03කින් පසු සිදුකරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.

ඒ අතර තේ කෝප්පයක මිල රුපියල් 30කින් සහ රුපියල් 200 වැඩි බත් පැකැට්ටුවක මිල සියයට 10කින් අඩු කිරීමට පියවර ගත් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසනවා. 

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු වීමට සාපේක්ෂව එම මිල අඩු කිරීම සිදු කරන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ. එම සහනය ලබා නොදෙන හෝටල් පිලිබඳ 078 871 77 26 අංකය ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙසද ඔහු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියා

ජල ගාස්තු සහ මලාපවහන ගාස්තු සංශෝධනය කිරීම පිණිස ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles