Thursday, April 25, 2024

විස්සයි විස්ස ලෝක කුසලානයේ උපදේශකවරයෙකු ලෙස මහේල කැදවීමට අවධානය

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පත් කිරීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ගෙන් අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. 

මහේල ජයවර්ධනගේ සහාය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමසා බලන ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් ක්‍රිකට් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වන්නේ. 

මහේල ජයවර්ධන මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවස්ථා 3කදී අයි පී එල් ශූරයින් බවට පත් වුණා. 

මහේල ජයවර්ධන සැලකෙන්නේ ලීග් ක්‍රිකට් තරගාවලිවල සාර්ථකම පුහුණුකරුවෙකු ලෙසයි. 

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් රැසක් සිය කණ්ඩායමේ උපදේශකයින් ලෙස අත්දැකිම් බහුල හිටපු ක්‍රීඩකයින් එක්කරගෙන තිබෙනවා. ඉන්දීය කණ්ඩායම ඒ සදහා පත් කර ඇත්තේ හිටපු නායක මහේන්ද්‍රසිං දෝනියි. ජේ පී ඩුමිනි මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත්කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles