Friday, April 19, 2024

වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා ඊයේ (14) දිනයේදී සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

2019 වසරේදී නව රජය බලයට පත්වීමත් සමග වසර තුනක කාලයක් සඳහා මෙම තනතුරට පත්වූ ඒ මහතා පෞද්ගලික හේතුවක් මත ඊයේ දිනයේදී මෙසේ එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.

ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබා ඇති ජටාල් මාන්නප්පෙරුම මහතා වසර 20කට අධික කාලයක් වී අලෙවි මණ්ඩලයේ සේවා අත්දැකීම් සහිත ඉංජිනේරුවරයෙකු වේ.

වී අලෙවි මණ්ඩලයෙන් තමන්ට ලැබෙන මාසික වැටුප එකතු කර පසුගිය වසරේදී එහි සේවකයින් 199 දෙනාට දිරි දීමනා ගෙවීමට ද කටයුතු කර ඇති ඒ මහතා සිය පෞද්ගලික මුදලින් වී අලෙවි මණ්ඩලයේ ගොඩනැගිලි පවා අලුත්වැඩියා කරදී ඇති බවත් එහි සේවකයෝ පවසති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles