Saturday, April 20, 2024

වෙන නළුවෙක් එක්ක රඟපෑවනම් හොඳට බනින්න පුළුවන් – මම එයාට බනිද්දි මට හිනායනවා

ලංකාවේ රංගන ශිල්පිනියන් අතරින් අංක එකේ චරිතාංග රංගන ශිල්පිනිය ලෙස හඳුන්වන රංගන ශිල්පිනිය තමයි දුලීකා මාරපන කියන්නේ. ඉතින් ඇයගේ මේ දක්ෂ තාවයට ලංකාවේ හැමෝම ගොඩක් ආදරෙයි. මේ දිනවල ඇය එකිනෙකට වෙනස් චරිත ත්‍රිත්වයකින් ප්‍රේක්ෂක ඔබ හමුවට එනවා. ඉතින් ඒ පිලිබඳ දුලීකා කියන්නේ මේ වගේ කතාවක් ”ඔව් ධනුෂ්ක රත්නායකගේ ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍ය යේ ‘අයිරාංගනී’ කියන චරිතයෙන් ‘පෝක් වීදිය’ නාට්‍යයේ ඇස් අන්ධ ‘මාධනී’ කියන චරිතයෙන් සහ ‘දිව්තුරා’ ටෙලිනාට්‍ය යේ දීපිකාගේ චරිතය හරහාත් මම ප්‍රේක්ෂකයන් හමුවට එනවා. මේ අතරින් පැරඩයිස් වත්තේ සභාවය සහ එහි ජීවත් වෙන මිනිසුන්ගේ ස්භාවය අද්‍යයනය කරලා ගොඩනාගාගත් අයිරාංගනීගේ චරිතයට තමයි ගොඩක් අය කැමති.” කියලයි.

දුලීකා විවාහ වෙලා ඉන්නේ රංජන ශිල්පියෙක් සමාගමයි. ඔහු තමයි සුජීව ප්‍රියලාල්. දිව්තුරා නාට්‍යයේ දුලීකා සහ සුජීව රඟපාන්නේ එකට. ඉතින් ඇය කලින් මේ චරිතයට බෑ කිවුවලු දුලීකා එහෙම කියන්න හේතුව පිලිබඳ ඇය කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් මම බෑ කිවුවේ මට සුජී ගේ මූන බලාගෙන රණ්ඩු වෙන්න බෑ. එකට හේතුව මම එයාට බනිද්දි මට හිනායනවා. වෙන නළුවෙක් එක්ක රඟපෑවනම් හොඳට බනින්න පුළුවන්. මේ ටෙලිනාට්‍යයේදී අපිට හොඳ දරුවෝ දෙන්නෙකුත් ලැබුණා. ඇත්තටම කියනවනම් ගොඩක් අය හිතන්නේ ඒ මගේ බබාලා කියලා මොකද ඒ බබාලා දෙන්නයි මමයි එක පේළියට වාඩිවෙලා ඉන්නවා දකිද්දි මෙගේ සූජීටත් හිනායනවා” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සුන්දර රංගන ශිල්පිනියක් වන දුලීකා මාරපනගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles