Friday, March 29, 2024

වෙලදපලේ පොල්තෙල් සියල්ල භාවිතයට සුදුසුයි..- පොල් සංවර්ධන අධිකාරිය

රට පුරා විවිධ ප්‍රදේශවල සාමාන්‍ය වෙළඳ පොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල පරීක්ෂාවේ දී ඇතැම් ඒවායේ ඇෆ්ලටොක්සින් අඩංගුව ඇතැයි හෙළිවූ බව ශ‍්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ අශෝක රාජමන්ත්‍රී මහතා සඳහන් කරන්නේ නමුත් එම ඇෆ්ලටොක්සින් අඩංගු ප්‍රමාණය බිලියනයකට අංශු තිහකට වඩා අඩු වීම හේතුවෙන් ආහාරයට සුදුසු බව වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

පරීක්‍ෂණයට භාජනය කරන ලද සාම්පල 49ක ඇෆ්ලටොක්සින් තිබුණේ 10ට අඩුවෙන් බවත් සාම්පල තුනක 17ක් තිබුණ බවත් තවත් සාම්පල තුනක 13 බැගින් තිබූ බවත් ඔහු පැවසීය.

සාම්පල 55න් එකකවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශිත අගය වන අංශු 30 ඉක්මවා නැතැයි ද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති ඇෆ්ලටොක්සින් අගය වන්නේ බිලියනයකට අංශු 10කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles