Thursday, April 25, 2024

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපති පැඩි මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපති වන එයාර් චිෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස්  (පැඩි මෙන්ඩිස් ) මහතා අද (18) අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රි ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි. 1951 වසරේ අගෝස්තු මස 08 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිළධාරියෙකු ලෙස ඒ මහතා ගුවන් හමුදාවට එක්විය

 බ්‍රිතාන්‍යයේ දී මුලික පුහුණුව හා ගුවන් නියමු උපදේශයක පුහුණුව ලැබූ ඒ මහතා එවකට බලපංති ලුතිනන් පි.එච්.මෙන්ඩිස් සුදුසුකම් ලත් පියාසර උපදේශකයකු ලෙස පුහුණුව ලැබූ පළමු ශ්‍රි ලංකිකයා ද විය. 1971 වසරේ ජනවාරි මස 01 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිව්වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත් වූ අතර එතුමන් රාජකීය ලංකා ගුවන් හමුදාවෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කරමින් එම හමුදාවේ පළමු ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ පළමු ශ්‍රි ලංකිකයා ද විය. වර්ෂ 1972 දී ශ්‍රි ලංකාව ජනරජයක් වීමත් සමඟ රාජකීය ලංකා  ගුවන් හමුදාව ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පත් විය

 ඒ සමඟම ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපති ලෙස  එයාර් චිෆ් මාර්ෂල් පී.එච්.මෙන්ඩිස් මහතා ඉතිහාස ගත විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (19) පස්වරු 2.00 ට ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමියේ දී ගුවන් හමුදා ගෞරව සහිත සිදු කිරීමට නියමිතය.

දිනමිණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles