Saturday, April 20, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 164 ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අනුව මෙම තරගය ලකුණු 164 කින් ජය ලැබීය.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුලු 10ම දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සහ රමේෂ් මෙන්ඩිස් සමත් විය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් න් කෘමා බෝනර් ලකුණු 44යි.

පන්දු ඕවර 20.1ක් යැවූ ඇඹුල්දෙණිය ලකුණු 35කට කඩුලු 5ක් දවාහත් අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 65කට කඩුලු 5ක් දවා ගත්තේය.

මෙන්ඩිස් මෙම තරගයේදී කඩුලු 11ක් දවාගැනීමට සමත්විණි.

අද තරගය අරඹන විට ලකුණු 328කට කඩුලු 8ක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම උදෑසන සිය දෙවැනි ඉනිම නිමාකළේ තවත් ලකුණු 17ක් මුළු ලකුණු ගණනට එකතු කිරීමෙන් පසුවය.

ධනංජය ද සිල්වා නොදැවී 155 ලබා ගත් අතර ඇඹුල්දෙණිය ලකුණු 39යි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් ට නොමැකෙන සමුගැනීමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූයේ මෙම තරගාවලිය 2 – 0ක් ලෙස ජයගනිමිනි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 204ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස කොදෙව්වෝ සිය පළමු ඉනිම සඳහා ලකුණු 252කට දැවී ගියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles