Friday, April 26, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිහඬවම සැපත් වේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් කාණ්ඩායම අද හිමිදිරියේ දිවයිනට පැමිණ ඇත. එහිදී මාධ්‍ය වෙත මහේල ජයවර්ධන මහතා අදහස් දක්වා තිබේ.

කණ්ඩායම තුළ දක්ෂා තිබුණ ද අවසන් පූර්ව තරගයට එක්වීමට නොහැකි වීම පිළිබඳ තමා කනගාටු වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක, මහේල ජයවර්ධන මහතා පවසයි.

“බොහෝමයක් තරගවල සුපුරුදු දක්ෂතා තිබුණට අවශ්‍යම කරන තරගවල අපේ අතින් වැරදි වුණා. මම හිතන්නේ ක්‍රීඩකයින් විදියට ඔවුන් මේ ගැන දන්නවා. මේ වගේ තරගාවලියක හොඳ කණ්ඩායම් එක්ක අතපසුවීම් කරලා ජයග්‍රහණය කරන්න අමාරුයි. විශේෂයෙන් ලෝක කුසලානය වගේ තරගාවලියක දී. ඒ ගැන කනගාටු වෙනවා. ඒ වැරදි හදාගෙන අත්දැකීම් එක්ක ඉදිරියට යන එක ඉතාමත් වැදගත්. හොඳ තරගයක් දීලා පරාජය වුණේ.  නමුත් අපිට අවස්ථාව තිබුණා ඒ තරග තුනේම ජයග්‍රහණය කරන්න. ඒ අවස්ථාවලදී අවශ්‍ය කරන වෙලාවේදී කණ්ඩායම අතින් වැරදි වුණා. පන්දු යැවීමෙන්, පිතිකරණය අතින් වගේම පන්දු රැකීමෙන්. ඉතින් ඒ වැරදි නිසා තමයි ඒ තරග තුන ජයග්‍රහණය කරන්න බැරිවුණේ. ඒක තමා හේතුව අර්ධ අවසාන තරගයට එන්න බැරි වුණ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles