Thursday, April 25, 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබද්දී චමරි ICC ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියටම එයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අයි.සී.සී පන්දුවාර විස්සයි විස්ස පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඇය මේ වන විට පිතිකාරිණියන් අතර 8 වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ දැක්වු විශිෂ්ට දස්කම් හේතුවෙන් ICC කාන්තා T20I පිතිකාරිණියන් සඳහා වන ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා.

ස්ථාන හයක් ඉදිරියට පැමිණ ඇති චමරි ප්‍රසාද ලකුණු 632 ක් සමගින් ICC පිතිකාරිණියන් අතර අංක 8 ස්ථානයට පත්වුනා.

ඇය නිමාවු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදි කැපී පෙනෙන සාමාන්‍යයක් 55.25 ක් හා පහර වේගය 185.71 ක් සමඟින් ලකුණු 221 ක් රැස් කළා.

මෙි අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 22 කින් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පරාජය කර 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීය.

ඔවුන් විසින් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 22කින් පරාජය කර එම ජයග්‍රහණය වාර්තා කර තිබුණි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග මැලේසියාවේ පැවැත්වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles