Tuesday, April 23, 2024

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාබනික පොහොර නිෂ්පාදනය අරඹයි

රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින්, ගුවන් හමුදාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක ගුවන් හමුදා කාබනික පොහොර නිෂ්පාදනය ව්‍යාපෘතිය ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පෙරේදා (22දා) නිල වශයෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් මුලික අදියරේදී කාබනික පොහොර ටොන් 25ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමට සැලසුමි කර ඇකි අතර, ඉන් අනතුරුව එය ක්‍රමානුකූලව තවත් වර්ධනය කිරීමට ගුවන් හමුදාව අපේක්ෂා කරනු ලබයි.

මෙම නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කෘෂි ඒකකයන්හි ප්‍රයෝජනය සදහා යොදා ගැනීමට නියමිත අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ගොවි මහතුන් වෙත ලබාදීමටද නියමිතව ඇත.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය භාර නිළධාරිවරයා, ගුවන් හමුදා වන්නි කදවුරු අණදෙන නිළධාරිවරයා, වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළධාරිවරයා ඇතුළු ගුවන් හමුදා නිළධාරින් හා සෙසුනිළයන් පිරිසක් සහභාගි වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles