Wednesday, April 24, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න අපිට විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ, කාන්තා හා ගුරු මණ්ඩල නියෝජිතයන් පත් කර ගැනීමේ සම්මේලනය ඊයේ පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න අපිට විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. මැතිවරණ කාලයේ බඩු බෙදලා දිනන්න පුළුවන් සංස්කෘතියක් දැන් නැහැ. දැන් ඉදිරියට මැතිවරණ නීතිත් සංශෝදනය වෙනවා බඩු බෙදන්න බැහැ, පගාවල් දෙන්න බැහැ, මුදල් වියදම් කරන්න බැහැ, ඒවා සීමා කරන නීතිරීති ගේන්න දැන් සාකච්ඡා කරගෙන යනවා. ඉතින් ඒ මත ඉඳලා නම් දේශපාලන කරන්න හිතන්න එපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් විශාල පිරිසක් නුවරඑළිය දිසත්‍රික්කයේ ඉන්නවා. මේ දිස්ත්‍රික්කයේ විශාල ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවක් ඉන්නවා. ඔවුන් අමතක කරන්න එපා. ඔවුන් සමග හොද සහජීවනයෙන් අප කටයුතු කල යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදත් උග්‍ර ජාතිවාදී ස්වරූපයෙන් අපි අපේ දේශපාලනය කරලා නැහැ. යැයි අමාත්‍යවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles