Saturday, April 20, 2024

ශිරන්තිගේ නමට එන කාල්ටන් නිවසේ ගෙවපු නැති විදුලි බිලත් ලක්ෂ 5 පැනලා

රට තුල මහජනතාව පීඩාවට පත්කරමින් ඉහළ ගොස් ඇති බඩු මිල හමුවේ මේ තවත් බරක් ඔවුන්ගේ හිස මත දමමින් විදුලි බිල වැඩි කිරීමේ සැලසුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි.

එහිදී ඒ මහතා ශිරන්ති රාජපක්ෂට අයත් තංගල්ල කාල්ටන් නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂ පහක් ඉක්මවා ගොස් ඇති අතර එයද නොගෙවා ඇගේ නමට මෙම විදුලි බිල එන බවට ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් හෙළි කළා.

එවන් මොහොතක ජනතාවගේ විදුලි බිල වැඩිකර ඔවුන් පීඩාවට පත්කරමින් මහජනතාවටම කැපකිරීම් කරන ලෙස වර්තමාන ආණ්ඩුව පවසන බවකි.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් පවා කප්පාදු කිරීමේ සැලසුමක වර්තමාන පාලකයන් නිරතව ඇති බව රන්ජන් ජයලාල් මහතා පවසයි.

මේ වනවිට විදුලිබල මණ්ඩලය ඇද දමා තිබෙන බරපතළ අනතුරුදායක තත්වය හා අසීරු තත්වයද පිළිබඳව කරුණු දක්වමින් ඔහු මේ පිලිබද ප්‍රකාශ කරන ලදි.

මෙරට විදුලිබල මණ්ඩලය ඇද දමා තිබෙන බරපතළ අනතුරුදායක තත්වය හා අසීරු තත්වයද පිළිබඳව කරුණු දක්වමින් ඔහු මේ පිලිබද විශේෂ කරුණු කිහිපයක්ම ප්‍රකාශ කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles