Friday, April 26, 2024

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ලංගමයේ දිනක ආදායම ඉහළට

‘කොවිඩ්’ පළාත් සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසුව ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) දිනක ආදායම රුපියල් මිලියන 60 ත් 65 ත් හෙවත් කෝටි හයක් ඉක්මවා වර්ධනය වී ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.

ලංකා ගමනා ගමන මණ්ඩලය මේ වන විට බස් රථ 4700 ක් ධාවනයට යොදවා ඇති බවත් තවත් බස් රථ 500 ක් පමණ ධාවනයට යෙදවීමේ හැකියාව ඇති බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කීය.

ලංකා ගමනා ගමන මණ්ඩලය හැකි උපරිමයෙන් බස් ධාවනයට යොදවා ජනතාවට ගමන් පහසුකම් ලබා දෙමින් ආදායම වැඩි කරගන්නා බවත් පණ්ඩුක ස්වර්ණහංස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles