Tuesday, April 16, 2024

සංචාරකයින්ගේ පැමිණීමේ ක්‍රමික වර්ධනයක්

2022 වසරේ ජනවාරි මාසයේ පළමු සති දෙක තුළ සංචාරකයින් මෙරටට පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය සිය නිල Facebook පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ ජනවාරි 1 වනදා සිට 16 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 44,773 ක් මෙරටට පැමිණ ඇති බව.

එම සංචාරකයින් අතර වැඩිම පිරිසක් රුසියාවෙන් පැමිණ තිබෙනවා.

එසේම ඉන්දියාව, යුක්‍රේනය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු තවත් රටවල් රැසකින් මෙම සංචාරකයන් පැමිණ තිබෙනවා.

මෙි අතර දේශීය සංචාරකයින් නොසලකා හරිමින් විදේශිකයන්ට පමණක් යන ප්‍රතිපත්තිය අනුගමනය කරන සංචාරක පහසුකම් සපයන ආයතනවල බලපත්‍ර අවලංගු කිරීමට සිදුවන බව සංචාරක සංවර්ධන අධිකාරිය අවධාරණය කරනවා.

ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් මෑතකාලීනව පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවයි.

ජාතිය, ආගම්, ලිංගිකත්වය වැනි කරුණු නොසළකා සියල්ලන්ට එක හා සමානව සැළකිය යුතුය යන්න ව්‍යවස්ථාවෙන් පවා තහවුරු කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා.

එබැවින් ජාතිකත්වය මත පදනම්ව වෙන් කරවා ගැනීම් සිදුනොකරන සහ විවිධ බෙදීම් සිදුකරන සංචාරක පහසුකම් සපයන ආයතනවල බලපත්‍ර අවලංගු කිරීමට සිදුවන බව ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

මේ අතර කිසියම් අයුරකින් කළහකාරිව හැසිරෙන සංචාරකයන් වෙතොත් ඒ පිළිබඳ විධිමත් අයුරින් පැමිණිලි කරන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක පහසුකම් සපයන ආයතනවලින් ඉල්ලා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles