Wednesday, April 24, 2024

සකුරායි ඒවියේෂන් ලිමිටඩ් හී ගුවන් ගමන් මෙහෙයුම් වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

දින 05ක් තුලදී ගුවන් යානා දෙකක් හදිසි කාර්මික දෝෂයන්ට ලක්වූ මෙරට අභ්‍යන්තර ගුවන් සේවා සිදු කරන ” සකුරායි ඒවියේෂන් ” සමාගමේ බලපත්‍රය පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නියෝග කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටිනවා.

කටුනායක කිඹුලාපිටිය ප්‍රදේශයේ දී ඊයේ (27) දින දහවල් 1.52 ට පමන සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

සීගිරිය ගුවන්තොටුපොලේ සිට රත්මලාන ගුවන්තොටුපොල බලා පියාසර කරමින් තිබූ සකුරායි ඒවියේෂන් සමාගමට අයත් සෙස්නා 172 (ලියාපදිංචි අංක 4R-GAF) ගුවන් යානාවක් කාර්මික දෝශයක ලක්වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොල වෙත හදිසි ගොඩබැස්සවීමකට ලක්කිරීමකට සූදානම් වන අවස්ථාවේ දී අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් නියමුවන් ද ඇතුළු සිව් දෙනෙකුට තුවාල ලබා තිබෙි.

මෙි අනුව සකුරායි ඒවීයේෂන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යාන දෙකක් සතියක පමණ කාලය තුලදී උඩු ගුවනේදී කාර්මික දෝෂයන්ට ලක්වීමෙන් හදිසි ගොඩබෑමේ සිදුවීම් වාර්තා විය.

අද සිද්ධිය වාර්තා වූ ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් පිටත්කර යවා ඇති බවද ගුවන් හමුදාව සඳහන් කළා.

අනතුර හේතුවෙන් තුවාල ලැබූවන් මේ වන විට රෝහල් ගතකර ඇති අතර මෙම සිදුවීම සිදුවූ ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ ගුවන්තොටුපොල ආරක්ෂක අංශ විසින් ආරක්ෂාව තර කර ඇත.

අනතුරට හේතු සොයා සිවිල් ගුවන්සේවා අධිකාරිය විමර්ශන අරඹයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles