Tuesday, April 23, 2024

සජිත් බලන්න ලක්ෂයක් තලවාකැලේට එයි…

විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම  අහෝසි කොට ඒ හරහා ඒකාධිපති ආඥාදායකත්වය සහමුලින් ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටට අවශ්‍ය වන්නේ ලක්ෂ 220ටම නිදහසේ නිවහල්ව ජීවත් විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල සිදු කරන බවද පැවසීය.

ආණ්ඩුවේ දුර්ධාන්ත පාලනයට එරෙහිව සමගි ජන බලවේගයේ සන්ධානගත  දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයේ උප සභාපති පලනි දිගම්බරම් මහතාගේ සංවිධායකත්වයෙන් දැවැන්ත විරෝධතාවයක් තලවාකැලේ දී අද (07) පැවැත්විණි.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට අති විශාල ජනකායක් පැමිණ සිටියහ.

ජාතිය ආගම් පක්ෂ පාට භේද නොතකා මහපාරට පැමිණි ජනතාවගේ හදගැස්ම ආණ්ඩුව තේරුම් ගත යුතු බවත් කිසිසේත් එවැනි තේරුම් ගැනීමට ආණ්ඩුව සූදානම් නැති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සුවිශාල ප්‍රශ්න රැසක් මැද ජනතාවට ජීවත්වීමට සිදුව ඇති බවත් ඒ ප්‍රශ්න සියල්ල ආණ්ඩුව විසින් නිර්මාණය කළ ඒවා බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ජාති භේදය ආගම් භේදය පක්ෂ භේදය අවුස්සමින් ජනතා විරෝධය යටපත් කිරීමට කිසිවෙක් උත්සාහ කරනවා නම් සමගි ජන බලවේගය ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අරගලයක යෙදෙන බව ද ඒ මහතා පැවැසීය.

වතු කම්කරුවන් ලෙස දුක්විඳින ජනතාව වතු හිමියන් බවට පත් පත්කිරීමේ සිහිනය සැබෑ කිරිම වෙනුවෙන් තමන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ද විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles