Friday, April 19, 2024

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ධුරවලින් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි යන අය සිය පක්ෂ තනතුරු සහ ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත ඊයේ (25දා) ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

ආරංචි මාර්ග අනුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභීන් ලෙස දිස්ත්‍රික් කටයුතුවල වැඩසටහන් කර ගැනීමට නොහැකි වීම අර්බුදකාරී තත්ත්වයට හේතුවී තිබෙන බව සඳහන් වෙයි.

මෙම ආසනයේ සංවිධායක ධුරය තමන්ට ලබා දෙන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි තලතා අතුකෝරාළ ඉල්ලා සිටීම මීට හේතු වී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම ගැටලුව මත මන්ත්‍රීවරිය පසුගිය කාලයේ දී පක්ෂයේ කටයුතුවලින් ඈත් වී සිටි බව ද කියයි.

එමෙන්ම ‍රටට කළ හැකි වැඩපිළිවෙළක් පිළිබඳ කතිකාවතක් නිර්මාණය කිරීම හා සමගි ජන බලවේගය තුළ ජයග්‍රහණය නියත වුවත් ජනතාවට යම් වැඩකොටසක් කළ යුතු බැවින් වත්මන් ආණ්ඩුව පරිද්දෙන් ජනතාව රවටනවා වැනි හැඟීමක් සජබ කෙරේද ගොඩනැගීම සිදු නොවිය යුතු බවත් ඔවුන්ගේ මෙම තීරණයට හේතු වූ බව දේශපාලන විශ්වසනීය කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.

විශේෂයෙන් මේ වන විට ජනතාව ආණ්ඩුව ප්‍රමුඛ බහුතරයක් දේශපාලකයන් කෙරේ අවිශ්වාසයෙන් බැලීම, ජනතා බලාපොරොත්තු සුන්වීම මත විපක්ෂයේ වැඩපිළිවෙළ ඉදිරියට ශක්තිමත් කර ගැනීම සඳහා ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ට යම් වැඩපිළිවෙළක් සිදුකිරීමට පක්ෂය තුළ ඉඩ නොතිබීමද මෙම ඉල්ලා අස්වීමට හේතු කාරණා වී ඇතැයි වාර්තා වනවා.

තම ප්‍රදේශයේ ජනතාවට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ඇති අවශ්‍යතාව අවස්ථා කිහිපයකදීම පෙන්වා දී ඇතත් ඒ සඳහා අපේක්ෂිත ප්‍රතිචාරය නොලැබීම මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී තිබෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වය සම්බන්ධයෙන් ද ගැටලුවක් උද්ගත වී තිබේ. දිස්ත්‍රික් නායකත්වය දැනට දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර ය. එම ධුරය තමන්ට ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් දිගින් දිගටම ඉල්ලීම් කරනු ලැබීම ගැටලුවට හේතු වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles