Thursday, April 25, 2024

සම්මානයත් සමඟ අනෝමා අද ලංකාවට…

මෙරට අන්තර්ජාතික සිනමා උලෙළ අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරන අනෝමා රාජකරුණා මහත්මිය පසුගිය දා පැවැත්වූ ඩකා අන්තර්ජාතික සම්මාන උළෙලේ හොඳමා වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තාය.

ඒ් ‘සිරිමාවෝ’ වාර්තා චිත්‍රපටය වෙනුවෙනි. ලොව ප්‍රථම අගමැතිනියගේ වෘතාන්තය අළලා ඒය නිෂ්පාදනය කර තිබුණි.

ඇය මීට පෙර අට වතාවක් පමණ ජාත්‍යන්තර සිනමා උළෙල හි ජූරි සභිකයෙකු ලෙස කටයුතු කළ අතර මින් පෙර ‘ඩකා’ සිනමා උළෙලේද ජූරි සභිකයෙක් ලෙස කටයුතු කළාය. එය ශ්‍රී ලාංකිකයෙක් ඒම තනතුර හෙබවූ පළමු අවස්ථාව විය.

චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වන ඇය, ”කාන්තාවන්ගේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන්නියක් ලෙස තමයි මම මේ කටයුත්ත සඳහා යොමු වන්නෙ. ලෝකයේ පළමු අගමැතිනිය බිහිකළේ අපේ රට. ඇය තමයි සිරිමාවෝ බණ්ඩාරනායක. ඇගේ අගමැති භූමිකාවෙන් මදක් එපිටට ගිහින් ඇය කෙබඳු කාන්තාවක් ද කියන කාරණය සම්බන්ධව පැති කීපයක් ඔස්සේ කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව තමයි මා මේ කටයුත්ත සඳහා යොමු වුණේ.”

ඇය ශ්‍රී ලංකාවට විශිෂ්ට ජාත්‍යන්තර සිනමා කෘති රැසක් ප්‍රදර්ශනය කිරීමේ භාරදූර කාර්යයට කාලාන්තරයක් තිස්සේ උරදෙන්නීය. එමෙන්ම පසුගිය දා නිමාව දුටු ‘යාපනය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ’ ද සංවිධායකවරිය වූයේ ඇයයි.

ඇය අද සවස් භාගයේ කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණෙන්නීය.

ඇගේ ජයග්‍රහණයට CIA මාධ්‍ය සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සුබපැතුම්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles