Friday, April 26, 2024

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සහ වෘත්තිය මාධ්‍යවේදීන් වෙත කරන පොලිස් බලපෑම්….

ශ්‍රී ලංකා තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට ලබන 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ පොලිස් පණිවුඩයක් ඊයේ (22) ඔහුගේ නිවස එවීමෙන්.

ඒ සම්බන්ධයෙන් විමසීමක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මධුසංඛ නම් නිලධාරියාගෙන් විමසන ලෙසට එහි සදහන් ව තිබී ඇති බවයි කියන්නේ.අදාළ නිලධාරියාට ඇමතුමක් ගෙන ඒ ගැන විමසූවිට තරිඳු උඩුවරගෙදරගේ යූටියුබ් චැනලය සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක ගැනීමට මෙම කැඳවීම කළ බව දැනුම් දී තිබෙනවා. යූටියුබ් චැනලය ගැන විමර්ශනය කරන්නේ කුමන සිදුවීමකටදැයි විමසද්දී අදාළ පොලිස් නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ සියලුම වීඩියෝ සම්බන්ධයෙන් විමර්ශනය යන බවයි. ගුවන් හමුදා බුද්ධි අංශයෙන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුවන බවත්, ඇතැම් වීඩියෝවල අන්තර්ගතයට අදාල නැති ශීර්ෂ ඇති බවත් එම නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා.

“තරිඳු උඩුවරගෙදර යනු රාවය, අනිද්දා වැනි පුවත්පත්වල දීර්ඝ කාලයක් සේවය කළ ජනමාධ්‍යවේදියෙකි. ඔහු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලෙසද වසර 02ක කාලයක් කටයුතු කර තිබේ. වෘත්තීය ජනමාධ්‍යවේදියකු වන තරිඳු උඩුවරගෙදර සිය චැනලය තුළින් තොරතුරු සහ මත ඉදිරිපත් කිරීම සිදු කරන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකමකි” යි මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා තරුණ ජනමධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරනවා.

මේ වෙනුවෙන් අද දින මාධ්‍ය නීති සංසදය, දීර්ඝ ලිපියක් පොලීසිය වෙත ඉදිරිපත් කර තිබෙනව. එහි මෙතෙක් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට සිදුකළ බලපෑම් ගැන සඳහන්.



Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles