Friday, March 29, 2024

සල්ලි අච්චු ගැහිල්ල සීමා කළ යුතුයි – ඇමති බන්දුල

මුදල් මුද්‍රණය කිරීම වහාම සීමා කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

මෙරට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ආර්ථික විද්‍යාව පිළිබද අවබෝධය මේ තරමට දුර්වල වූ වෙනත් කිසිදු පාර්ලිමේන්තුවක් තමන් දැක නැති බව අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම මුදල් අච්චු ගසා දුප්පතුන්ට සහ අඩු වරප‍්‍රසාද ලත් පිරිස් අතර බෙදා දීමට බැරි ඇයි කියා අසන පිරිස් ද සිටින බවට අමාත්‍යවරයා සදහන් කරයි.

එය එසේ කළහොත් එය සමස්ත ආර්ථිකයටම අහිතකර ලෙස බලපාන බව ඔවුන්ට නොතේරෙන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

පවතින තත්ත්වය තේරුම් ගෙන මුදල් මුද්‍රණය සීමා කිරීම සදහා පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු යැයි අමාත්‍යවරයා යෝජනා කළේය.

ද මෝර්නිං පුවත්පත සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles