Thursday, March 28, 2024

‘ස්කොට්ලන්තය’ ලංකාවට පැමිණෙයි.!

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහ අද සවස පැමිණියාය.

ඇය සමග දූත පිරිස ලෙස තවත් තිදෙනෙක් ඇතුළත් වූහ. ඇය ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් උත්සවයට ද සහභාගී වීමට නියමිතය.

ඇය පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles