Friday, April 19, 2024

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ලංකාවටත් ?

ලෝකයේ සුපිරි ප්‍රකෝටිපති නවෝත්පාදකයෙක් වන ඉලෝන් මස්ක්ගේ ස්පේක්ස් එක්ස් සමාගම ලොවට හඳුන්වාදී ඇති ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාදාමයන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සිය ට්විට් ගිණුමෙන් සඳහන් කර ඇත්තේ නුදුරු අනාගතයේදීම මෙම සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් මූලික මට්ටමේ සාකච්ඡා සිදුකරන බවයි.

එලොන් මස්ක්ගේ රොකට් සමාගමක් වන SpaceX සහ එහි චන්ද්‍රිකා අන්තර්ජාල අංශය වන Starlink ඔස්සේ මෙරටට අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා සාකච්ජා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද නිවේදනය කර සිටියා.

ශ්‍රී ලංකාව සඳහා නුදුරු අනාගතයේ දී සේවාව ආරම්භ කිරීමේ නියාමන අංශ සහ පූර්ව අවශ්‍යතා පිළිබඳව පළමු සාකච්ඡා වටයේ අවධානය යොමු වූ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක්ගේ රොකට් සමාගමක් වන SpaceX හි චන්ද්‍රිකා අන්තර්ජාල අංශය වන Starlink ඉකුත් නොවැම්බර් මස 01 වෙනිදා දින ඉන්දියාවේ සිය ව්‍යාපාරය ලියාපදිංචි කරනු ලැබුවා.

ඉන්දියාවේ අන්තර්ජාල සේවා දියත් කිරීමට එම සමාගම සූදානම් වන බවට ඔවුන් විසින් ඉන්දීය රජයට ගොනු කර ඇති සමාගම් ලේඛන උපුටා දක්වමින් එරට මාධ්‍ය අනාවරණය වී ඇත්තේ.

Starlink යනු SpaceX වෙතින් වන අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල ව්‍යාපෘතියක් වන අතර එය විශ්වාසදායක සහ දැරිය හැකි සේවාවක් සමඟ දුරස්ථ ප්‍රදේශවල සම්බන්ධතා ගැටළු පියවීම අරමුණ වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles