Wednesday, April 24, 2024

ස්වීඩනයට පළමු වරට අගමැතිනියක් පත්වන ලකුණු

ස්වීඩන් පාර්ලිමේන්තුව එරට පළමු කාන්තා අගමැතිනිය ලෙස මුදල් අමාත්‍යවරියවූ මැග්ඩලීනා ඇන්ඩර්සන් තෝරා පත් කර ගැනීමට යෝජිතය.ස්වීඩනයේ ක්‍රමය වන්නේ, අගමැති අපේක්ෂකයෙකුට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහය අවශ්‍යතාව වෙනුවට, අවශ්‍ය වන්නේ අපේක්ෂකයාට එරෙහිව බහුතරයක් නොමැති වීමයි.

මැග්ඩලීනා ඇන්ඩර්සන් අන් අයගේ සහයෝගය ලබා ගනිමින් අවසන් මොහොතේ ගනුදෙනුවකට එළැඹ අගමැති තනතුර ලබනු ඇතැයි වාර්තා පළවේ.
බදාදා පාර්ලිමේන්තුවේ ඡන්දයේදී ඇයට ලැබෙන සහයෝගය වෙනුවෙන් විශ‍්‍රාම වැටුප් ඉහල නැංවීමට වාම පක්ෂයක් සමග ඇය අඟහරුවාදා ගනුදෙණුවකට එළඹි අතර එම සහයෝගය මත තනතුර හිමිවන බව සදහන්ය.


“අපි ඇන්ඩර්සන් අවහිර කරන්න යන්නේ නැහැ,” වාම පක්ෂ නායක නූෂි ඩැඩ්ගොස්ටාර් ස්වීඩන් ගුවන් විදුලියට පැවසීය.
ඇන්ඩර්සන්ට දැනටමත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සභාග හවුල්කාර හරිතයන්ගේ මෙන්ම මධ්‍ය පක්ෂයේ ද සහාය ලැබී ඇත.


ඇය තේරී පත් වුවහොත්, සිකුරාදා කාල් XVI ගුස්ටාෆ් රජු සමඟ පැවති රැස්වීමකින් පසුව ඇන්ඩර්සන් නිල වශයෙන් අගමැති ධූරයේ කාර්යයන් භාර ගනු ඇත.‍


අනෙකුත් සියලුම නෝර්ඩික් රටවල් එනම් නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ අයිස්ලන්තය කාන්තාවන් ආණ්ඩු මෙහෙයවා ඇතත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා දිගු කලක් තිස්සේ ප්‍රමුඛත්වය දුන් ජාතියක් වුවද, ස්වීඩනයට කිසි දිනෙක අගමැතිවරියක ලැබී නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles