Thursday, April 25, 2024

සිංහරාජයේ වනස්පති දිවියට සමුදෙයි

සිංහරාජ වනාන්තරයේ වනස්පති මිනිසා ලෙස හැඳින්වෙන මාටින් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.සිරිලක මහවනය වූ සිංහරාජ කොමළිය රැකබලාගත් රැකවල් කරුවා මාර්ටින් විජේසිංහ මියයන විට 82 වැනි වියේ පසු වුණා.


රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබුණා.
සිංහරාජයට යාබද පෙතිය කන්ද ගම්මානයේ සිටි සුවාරිස් විජේසිංහ සහ පොඩිඅංචි නැමැති යුවලගේ පවුලේ වැඩිමහළු දරුවා ලෙස 1939 දෙසැම්බර් මස 24 දා උපන් මාර්ටින් හට බාල සහෝදරයකු සහ සහෝදරියක ද වූහ.


කුඩා මාර්ටින් යන්තම් පස්වැනි වියට එළඹෙද්දී ඔහුගේ මව මෙළොව හැරගියේ මාර්ටින්ට පිරවිය නොහැකි අඩුවක් ඉතිරිකරමින්.ඉඳ හිට වඩු කර්මාන්තයේ යෙදෙමින්, කිතුලක් මැද පැණි ටිකක් විකුණාගනිමින් ජීවත් වූ සුවාරිස් තම පුතුට කෙසේ හෝ ඉගැන්වීම අරමුණු කරගෙන ඔහු ගමේ පිහිටි කුඩව පාසලට ඇතුලත් කළා.
කුඩව පාසලේදී අටේ කැලෑසිය දක්වා ඉගෙනුම ලැබූ මාර්ටින් සිසුවා කරවිට පිහිටි පඤ්ඤානන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වුණා.


පාසල් අධ්‍යාපනය අතරමග නවතා දැමූ මාර්ටින් තම සම වයසේ මෙන්ම තරමක් වැඩිමහළු තරුණයන් සමග එක්ව තැන තැන ඇවිදින්නට පුරුදු වූයේය.
සිංහරාජයත් ඒ අවට ප‍්‍රදේශයේත් සැරිරසමින් විනෝදකාමී ජීවිතයක් ගත කළ ඔහු ඒ අවටත් තිබූ ශාක බොහොමයක් නමින් දැන සිටියේ නැත.


එහෙත් ඒවා දැන ගැනීමේ නිරන්තර ආශාවකින් පසු වූ මාර්ටින් ගමේ වැඩිහිටියන් හමුවූ විට තමන් නොදන්නා ගසක් වැලක් ගැන අසා දැනගැනීමත් එය මතකයේ තබා ගැනීමත් පුරුද්දක් කරගත්තේය.


දුර්ලභ බෙහෙත් පැලයක් සොයාගෙන දුර බැහැරින් එන අයකුට ඒවා සොයා ගැනීමට උදව් කරන්නට ද මේ තරුණයා පසුබට නොවූයේ තමන්ට තිබූ දැනුමෙන් සහ හැකියාවෙන් අන් අයට යහපතක් ද කරමිනි.
කැලෑ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උදව් උපකාර කරමින් සිටි මාර්ටින් වික‍්‍රමසිංහට කැලෑ දෙපාර්තමේන්තුවේම සිංහරාජ මහ වනාන්තරයේ කුඩව ප‍්‍රදේශයේ මුරකරුවා යන තනතුර හිමි වුණා.


ඔහු සිංහරාජ වනාන්තරයට සිටි පළමු සහ එකම මුරකරුවා ද වූවේය.
1972 සිට වසර 25 ක් සිංහරාජ මහ වනයේ මුරකරුවා ලෙස සේවය කළ මාර්ටින් විජේසිංහ 1997 දී විශ‍්‍රාම ගියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles