Friday, April 26, 2024

සියලු නැකත් වේලාවන් මෙතනින්

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙටට (14) යෙදී තිබෙනවා

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ හෙට(14) පුර්වභාග 2.33ට අලුත් අවුරුද්ද උදා වෙනවා

පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8 පසුවී විනාඩි 57 දක්වා ක්‍රියාත්මකයි

ඒ අනුව අද(13) අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වනවා

ආහාර පිසීම හෙට දින පුර්වභාග 06.17ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුංඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වනවා

හෙට පුර්වභාග 07.41ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතුයි

අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පූර්වභාග 07.16ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා, හිසට නුග පත් ද, පයට කරඳ පත් ද තබා නුග පත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම සුදුසුයි

අප්‍රේල් මස 19 වන සඳුදා දින පූර්වභාග 6.39ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් කා කැවිලි අනුභව කොට දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටව යෑම මේ අවුරුද්දේදී සුබ වන බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles