Friday, March 29, 2024

සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි. වැඩි වාසි නාලන්දාවට

කොළඹ ආනන්ද – නාලන්ද 93වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අද (05) අවසන් වුණි.

පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 280ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ආනන්ද විද්‍යාලයට ලබා දුනි.

අද දිනයට තරගය ආරම්භ කරනවිට එක් කඩුල්ලක් දැවි ලකුණු 65ක් රැස්කරගෙන සිටි ආනන්ද විද්‍යාලයට සියලුදෙනා දැවී සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකිවූයේ ලකුණු 235ක් පමණි.

කිත්මා සිත්මාල් ලකුණු 90ක් රැස්කළ අතර කාංචන ද ලිවේරා ලකුණු 43ක් රැස් කළේය.

නාලන්දා විද්‍යාලය වෙනුවෙන් ජනුල ඉන්දුසර ලකුණු 44ට දවාගත් කඩුලු සංඛ්‍යාව 3කි.

ලකුණු 45ක වාසියක් සමඟ සිය දෙවන ඉනිම ඇරඹු නාලන්දා විද්‍යාලය කඩුලු 5ක් දැවි ලකුණු 121ක් රැස්කගෙන සිටියදී ඉනිම අත්හිටුවූවා පන්දුවට පහර දීමේ අවස්ථාව කොළඹ ආනන්ද විද්‍යාලයට ලබාදුනි.

අද දිනයට නිමාවන විට කොළඹ ආනන්ද විද්‍යාලය සිය දෙවන ඉනිමට කඩුලු දෙකක් දැවි ලකුණු 22ක් රැස්කරගෙන සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles