Wednesday, April 24, 2024

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකන්ට සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ ඇති වන ගැටලුවලට විසදුම් දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ දී දැනට මුහුණ පා ඇති ගැටලු හඳුනාගනිමින් ඔවුන්ට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (06) දින උපදෙස් ලබා දුන් බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ  කමිටු කාමර අංක 07හි ව්‍යාපාරික නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දී තිබේ..

වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑ ව්‍යාපාරිකයන් වෙනුවෙන් තවදුරටත් ණය පමා සහන කාලයක් ලබාගැනීම සහ වෙන්දේසිකර ඇති දේපල නැවත ලබා ගැනීම පිළිබඳව මෙහිදී ව්‍යාපාරිකයෝ අග්‍රාමාත්‍යතුමාට කරුණු පැහැදිලි කර තිබේ.

භාණ්ඩ මිලෙහි නිරන්තරයෙන් සිදුවන මිල උච්ඡාවචනය හා තොග හා සිල්ලර වෙළඳාමට ඉන් සිදුවන බලපෑමත් ව්‍යාපාරිකයන්ගේ අසීමිත මිල ඉහළ දැමීම්වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම කෙරෙහිත් මෙහි දී අග්‍රාමාත්‍යතුමා අවධානය යොමු කළේය.

සංචාරක ක්ෂේත්‍රය,බේකරි කර්මාන්තය,මල් පැළ තවාන්,මල් පෝච්චි කර්මාන්තය, වාහන අමතර කොටස් ආනයනය, ඇඟළුම් හා මැණික් ව්‍යාපාර, ලෝහ භාණ්ඩ නිෂ්පාදනය සහ මැනිං වෙළඳපොළ ගැටලු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් ද ව්‍යාපාරිකයෝ මෙහිදී අදහස් ඉදිරිපත් කර ඇත.

අදාළ ගැටලු වලට සහන ලබා දීම කෙරෙහි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම නිලධාරීන්ගේ අවධානය යොමු කර ඇතැයිද අගමැති මාධ්‍ය අංශය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles