Friday, March 29, 2024

සෞඛ්‍ය අංශ වෙත ඉන්ධන ප්‍රමුඛතාවය…

පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් සඳහා සතියේ සෑම සිකුරාදා දිනයකදී ඉන්ධන ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ජාවෙන් පසු ක්‍රමවත් වැඩපිළිවලක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව තෝරා ගත් ඉන්ධන පිරවුම්හල් මගින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ට මෙලෙස ඉන්ධන බෙදා හැරීමට නියමිත වන අතර එහිදී අදාළ පුද්ගලයින් තමන්ගේ නිල හැඳුනුම්පත ඉන්ධන පිරවුම්හල් වෙත ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම අදාළ සෞඛ්‍ය සේවයේ නිරත පුද්ගලයින් සඳහා ඉන්ධන පිරවුම්හල් වෙත ඉදිරිපත් කිරීම සඳහා අදාළ දෙපාර්තමෙන්තු හෝ රෝහල් ප්‍රධානින් විසින් සහතික කරන ලද ලිපියක් ද යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී ඇත. 

එහිදී සෞඛ්‍ය සේවයේ නිරතවන දෙපාර්තමේන්තුවේ හෝ රෝහලේ නම, සේවකයාගේ නම, තනතුර, ජාතික හැඳුනුම්පත් අංකය, වාහනයේ ලියාපදිංචි අංකය සහ වර්ගය එහි සඳහන් කළ යුතු බවට උපදෙස් ලබාදී ඇත.

මෙහිදී සෞඛ්‍ය සේවකයින් සඳහා සතියකට වරක් මෝටර් රථ සහ SUV වර්ගයේ වාහන සඳහා ඉන්ධන ලීටර් 40ක්, ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලීටර් 15ක් සහ යතුරුපැදි සඳහා ඉන්ධන ලීටර් 10ක් නිකුත් කිරීමට නියමිතයි.

ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles