Wednesday, April 24, 2024

හමුදාව Gate 0 අල්ලයි. මාධ්‍යවේදීන්ටත් පහර දෙයි…

ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට යුද හමුදාව ඇතුල් වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. 
 
ඒ, අද අලුයම 1.00 ට පමණ යුද හමුදා භට පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් පැමිණ “ගෝඨා ගෝ ගම” අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත්කරමින් ඉදිරියට පැමිණිමත් සමගයි.

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය සහ එහි පිවිසුම් ගේට්ටුව (Gate Zero) යුද හමුදාව සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට අරගලකරුවන් ඔවුන් රැඳී සිටින කුඩාරම් ඉදිකළ ස්ථානයේ රැඳී සිටින අතර යුද හමුදාව ඊට මිටර් කිහිපයක් දුරින් ස්ථානගතවී සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම BBC ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයේ නියෝජිතයෙක් වෙතද හමුදාවේ පහරදීම් එල්ල වී තිබෙනවා.

දෙදහසක පමණ හමුදා පිරිසක් මීට අයත්. අරගලකරුවන් හට විහාර මහා දේවි පිටිය අරගල සඳහා ලබා දෙන බවත් රජය ප්‍රකාශ කර ඇත.

UPDATE

ගෝල්ෆේස් ගේට් 0 අරගලකරුවන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ඉවත්කර එතැනින් ඉදිරියට (ගෝල්ෆේස් හෝටලය දෙසට) ආරක්ෂක අංශ විසින් පලවා හැර ඇත.අරගලකරුවන්ගේ සහයට ගෝල්ෆේස් ප්‍රදේශයට ඇතුළුවීමට පැමිණි පිරිස් වලටද ආරක්ෂක අංශ පහරදෙන බවට වාර්තා පළවන අතර ජනමාධ්යවේදීන්ටද ඇතුලුවීමට තහනම් කලාපයක් වෙමින් පවතී.මේ අතර මෙම සිද්දිය වාර්තාවීමෙන් අනතුරුව අරගලකරුවන්ට සහය දැක්වීමට දිවයිනේ ප්‍රදේශකීපයකින් ජනතාව පැමිනීමට නියමිතබව සැලවීම නිසා ගෝල්ෆේස් ප්‍රදේශයට ඇතුලුවීමට නොහැකිවනසේ මාර්ග බාධක සකස් කිරීමට පියවරගෙන ඇත. ඒ හේතුව නිසාම මේවන විට ප්‍රදේශයේ රැදී සිටින අරගලකරුවන්ගෙන් සැලකියයුතු කොටසක් උදෑසන වන විට අත් අඩන්ගුවට ගැනිමට නියමිතව ඇත. යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් මෙම මෙහෙයුමට සම්බන්ධව ඇත. (AFP)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles