Saturday, April 20, 2024

හෙට කැබිනට්ටුව කුමක් වෙයිද?

හෙට දිනයේ තවත් කැබිනට්ටුවක් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. මෙහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් රැසකට කැබිනට් තනතුරු හිමිවනු ඇති.

කෙසේ නමුත් කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සහ නැවත කැබිනට් අමාත්‍ය ධුරයක් භාර නොගැනීමට තමන් පසුගිය අප්‍රේල් 03 වෙනිදා ගත් තීන්දුව තවමත් නොවෙනස් බව ඩලස් අලහප්පෙරුම මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. තරුණයන්ට වැඩි අවස්ථාවක් හිමිවන කැබිනට් මණ්ඩලයක් ළඟදීම පත්වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සරත් වීරසේකර, බන්දුල ගුණවර්ධන , ප්‍රසන්න රණතුංග , පවිත්‍රා වන්නිආරච්චි , රෝහිත අබේගුණවර්ධන, ගාමිණි ලොකුගේ යන අමාත්‍යවරුන් ඇමතිතනතුරු භාර නොගැනීමට තීරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles