Thursday, April 25, 2024

හෙට ගෑස් සිලින්ඩර උස්සං පාරෙ ඉන්න එපා! – ලිට්රෝ

හෙට (24) අඟහරුවාදා ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස යි ලිට්‍රෝ සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ අතර ටොන් 7,500ක LP ගෑස් තොගයක් මෙරටට ආනයනය කිරීම සඳහා මුදල් ගෙවා ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව එම ගෑස් නෞකා දෙකකට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගෙවා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

මෙම ගෑස් තොගයට අදාළව මෙට්‍රික් ටොන් 3,500 ක ගෑස් තොගයක් අඩංගු නෞකාවක් බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles