Wednesday, April 24, 2024

හෙළ දෙරණට ‘වඳුරු උණ’ පැමිණේ!

ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකි.

සමාජ රෝගියෙකු යැයි සිතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහුව වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා තිබේ. වසා ගැටිති විශාලවීම සහ වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබේ.

එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම රෝගියා වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමු කර ඇත.

එදින දහවලේ වෛද්‍ය පර්යේෂණ ආයතනය රෝගී තරුණයාගෙන් සාම්පල කිහිපයක් ලබා ගෙන ඇති අතර සෑම නියැඳියකම වඳුරු උණ රෝගය හඳුනා ගන්නා විශේෂිත ජාන තිබෙන බව එහිදී අනාවරණය වූ බව වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එහිදී සිදුකෙරුණු පරීක්ෂණ අනුව වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකිවී තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයා IDH උණ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles