Friday, April 19, 2024

100%ක් කාබනික හෝ 100% රසායනික කියන අන්ත දෙකට අපි තල්ලු විය යුතු නැහැ – ඇමති විමල්

100%ක් කාබනික හෝ 100% රසායනික කියන අන්ත දෙකට අපි තල්ලු විය යුතු නැහැ. ස්වාභාවික කෘෂිකර්මාන්තයටයි අපි යන්න ඕන. පසේ තියෙන සාරවත් බවට සාපේක්ෂව මොනවද දෙන්න ඕන කියලා බලලා කාබනික පොහොර අවශ්‍ය නම් කාබනික දෙන්න පුළුවන්, රසායනික නම් රසායනික පොහොර වලින් දෙන්න පුළුවන්. අධි මාත්‍රාවෙන් යමක් පසට එකතු වුනොත් විතරයි ඒක පසට හානියක් වෙන්නේ. නියමිත මාත්‍රාවෙන් දෙනවනම් ඒක පසට හානියක් වෙන්නේ නැහැ. යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අපනයන කර්මාන්ත ශාලාවක නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

දැන් අපි බොන බොහෙත් වුණත් මාත්‍රාව ඉක්මවා බිව්වොත් එක ජීවක්ෂයට පත් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. නියමිත මාත්‍රාවෙන් බිව්වොත් ඒක ලෙඩේ සනීප වෙන්න හේතුවක්. අපේ වෙලා තියෙන්නේ රසායනික පොහොර මාත්‍රාව ඉක්මවලා අතිශය විනාශකාරී ලෙස භාවිතයට ගැණුනා ඒක තමයි අපේ පසට විශාල හානියක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ තත්වය වෙනස් කරන්න 1977ට කලින් හිටපු වගා මහත්තයා පස පරීක්ෂා කරලා බලලා පසේ තියෙන තත්වයට අනුව පොහොර කොහොමද යොදන්න ඕන කියා මග පෙන්වන්න හිටියා. ඒ මග පෙන්වන්නා නැවත මේ රටට අවශ්‍යයි. එහෙම වුණොත් තමයි රටේ හරිත කෘෂිකර්මාන්තයට අපිට නැවත යන්න පුළුවන් වෙන්නේ. 

ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා පෞද්ගලික අංශයට අවශ්‍යනම් රසායනික පොහොර ගෙනල්ලා රසායනික පොහොර අවශ්‍ය ගොවීන්ට ඒ ගොල්ල නියම කරන මිලට ගන්න නමුත් පොහොර සහනාධාරය දීලා රජයෙන් දිරිගන්වන්නේ කාබනික පොහොර වගාවට කියන එක තමයි ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් අරන් තියෙන්නේ. යැයි පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles