Thursday, April 25, 2024

මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න කාශ්මීරයේ විශේෂ මෙහෙයුම්

ජම්මු කාශ්මීර බලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 106 දෙනෙකු මේවනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ එම කලාපය තුළ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම යටතේයි.

1988 මත් ඖෂධ පනත යටතේ ඔවුන් රදවා තබා ගෙන ප්‍රශ්න කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙම වසර තුළදී එවැනි රදවා තබා ගැනීමේ නියෝග 106 ක් පමණ නිකුත් කර ඇති බව ද කාශ්මීර බලධාරීන් පවසයි.

එලෙස සැකකරුවන් රදවා තබා ගෙබ ඇත්තේ Budgam, Ganderbal, Anantnag, Kulgam, Pulwama, Sopian, Baramulla, Bandipora සහ Kupwara යන ප්‍රදේශ වලින්.

කාශ්මීරයේ කොට්ඨාශ භාර කොමසාරිස් Pandurang K Pole පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට සහ දිගින් දිගටම ඊට සම්බන්ධ වන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම සදහා බලධාරීන්ට සියලු උපදෙස් ලබා දී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles