Friday, March 29, 2024

1930 දී ලෝක ආර්ථික අවපාතයෙන් පසු ඇතිවු  අමාරුම යුගය මේ යුගයයි ,රට ඉදිරියේදී මීටත් වඩා දුෂ්කර වෙන්න පුළුවන් – බන්දුල

1930 දි ලෝක ආර්ථික අවපාතයෙන්  පසු ඇතිවු  අමාරුම යුගය මේ යුගය බවත් මේ නිසා රටතුළ ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වීමට ඉඩ ඇති බවත් ළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ගාල්ල හපුගල නව සතොස ශාඛාව විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඔහු මෙසේද කිවේය.

“කොවිඩි 19 නිසා ඇතිවු මේ තාවකාලික පිඩනය තුල  ඉන් ගොඩයාම සදහා  අපේ  රටේ සම්පත් හා මිනිසුන් මත වැඩි විශ්වාසය තියෙන ජාතික ආර්ථිකයක් ගොඩනගා ගැනිම සදහා අප සියලු දෙනා කටයුතු කළ යුතුයි. ඒ සදහා මේ රටතුල ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වෙන්න පුළුවන්. ඔස්ට්‍රේලියාව තමයි චිනයට ගල්අගුරු සපයන්නේ. ඔස්ට්‍රේලියාව චිනයට ගල්අගුරු සැපයිම නතර කරලා තියෙනවා. චිනයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය තමයි ගල් අගුරු. කර්මාන්ත වැඩකරන්නේ ගල් අගුරුවලින්. ලෝකයේ වැඩිම නිෂ්පාදනය හා ජනගහනය ඉන්න රට තමයි චිනය. චිනයේ බොහෝ ප්‍රාන්තවල එක් දිනයි වැඩකරන්නේ. දින 04ක් සියලුම කර්මාන්තශාලා වහලා. අපේ රටෙ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය වැඩිවශයෙන් ගෙන්නේ චිනයෙන්. අපි රෙදි චිනයෙන් ගේනවා. චිනයේ කර්මාන්ත ශාල වාසා දැමු විට චිනයේ භාණ්ඩ හිගවෙනවා. ලෝකයේ භාණ්ඩ හිගවෙනවා. ලෝකයේ භාණ්ඩ හිගවු විට  අපිට ඒ කර්මාන්ත පවත්වාගෙන යන්න අසිරුවෙනවා. ඒ නිසා මේ යුගය වගකීමෙන් හා  ඉවසිමෙන් යුතුව කටයුතු කළ යුතුය.

Mgidrecommended byBLACK LATTEආමාශයේ මේදය එක රැයකින් පිලිස්සී යයි! මෙහි ක්ලික් කරන්නතවත් ඉගෙනගන්න

මුළු ලෝකය පුරාම නිෂ්පාදනය කඩාවැටිලා තියෙනවා. හුවමාරු ක්‍රියාවලිය සුමට ලෙස සිදුවන්නේ නැහැ. කන්ටේනර් ගාස්තු සියයට 1040කින් වැඩිවෙලා තියෙනවා. නැව් ගාස්තු සියයට 300කින් වැඩිවෙලා තියෙනවා. ලෝකයේ සැම රටක්ම වසා තැබිම නිසා  කර්මාන්තශාල ලක්ෂ ගණනක් වහලා තියෙනවා. කෝටි ගණනකට රැකියා නැතිවෙලා තියෙනවා.

2018 වර්ෂයේ  දි මෙරටට සංචාරකයින් ලක්ෂ 23ක් පැමිණියා. සංචාරක ව්‍යාපාරයෙන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 04ක් 05ක් වසරකට ලැබුණා. සංචාරක ව්යාපාරය කඩාවැටිමේ වගකිම පසුගිය රජය විසින් භාරගත යුතුයි. ත්‍රස්තවාදි  ප්‍රහාරයක්  එල්ලවෙන බව හොදටම දැනගෙන ඒ සදහා කිසිදු පියවරක් නොගැනිම නිසා  පාස්කු ප්‍රහාරයෙන් සංචාරකයින් විශාල පිරිසක් මියගියා  ඒ නිසා ඇතිවු කළුපැල්ලම නිසා සංචාරකයින් නොපැමිණිය යුතු රටක් ලෙස ලංකාව හංවඩු ගැසුනා. කොවිඩි 19න් පසුත් සංචාරකයින්  සිමාවුනා. ඒ නිසා අහිමි වු මුදල් ඇමරිකානු ඩොලර් 05කට වඩා වැඩියි. ඒ මුදල ඉතා විශාල ධනස්කන්දයක්.

ජිවන විදයම අර්බුදයට පිළියමක්  ලෙස සතොස ජාලය ව්‍යාප්ත කිරිමට කටයුතු කරනවා.  රටේ වෙළද පොළට දැනෙන බලපැමක් මේ දිනවල සතොස හරහා කරගෙන යනවා. ඉදිරියේ දි සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකට සතොස ශාඛා 03 බැගින්  ලංකාව පුරා සතොස ශාඛා ජාලය  ලබන වර්ෂය නිම වනවිට 1000ක් දක්වා වැඩිකරනවා යැයි ද ඇමතිවරයා කිවේය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles